Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පර්සි පෙරේරා අනුස්මරණ තරග 18 දා සිට

පර්සි පෙරේරා අනුස්මරණ තරග 18 දා සිට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ”පර්සි පෙරේරා අනුස්මරණ කුසලාන” පැසිපන්දු සැණකෙළිය මේ මස 18 වැනිදා සිට 21 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී පැවැත්වේ.

ආරාධිත පාසල් 12 ක් සහභාගිවන මෙම තරගාවලියට බෙනඩික් විදුහලෙන් කණ්ඩායම් අටක් ඉදිරිපත්ව සිටියි. පාසල් කී‍්‍රඩකයන් 300 ක් පමණ තරගාවලියට ඉදිරිපත්ව සිටින අතර සැමටම සහතිකපත් පිරිනැමීමටද සංවිධායක කමිටුව කටයුතු යොදා තිබේ.

ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යක්‍ෂ ජනක ෆොන්සේකා සහෝදරතුමා සහ ක‍්‍රීඩා සම්බන්ධීකාරක ප‍්‍රවීන් වාස් සහෝදරතුමාගේ උපදෙස් පරිදි එම විදුහලේ වයස 19 න් පහළ පැසිපන්දු ක‍්‍රීඩකයෝ තරගාවලිය සංවිධානය කරති.
 
ශාන්ත බෙනඩික් විදුහලෙන් පැසිපන්දු ක‍්‍රීඩාවට පිවිසි පර්සි පෙරේරා මහතා, ජාත්‍යන්තර පැසිපන්දු පිටිය පවා ජයගත් හිටපු ප‍්‍රවීණ ක‍්‍රීඩකයෙකි. 1960 වසරේ ජාතික මට්ටමේ කීර්තියක් රදවාගත් පෙරේරා මහතා, 1964 වසරේ බැංකොක් නුවරදී පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේ පැසිපන්දු තරගාවලියේ දක්‍ෂතම පන්දු විදින්නා ලෙස සම්මාන ලැබීය.

”පුහුණුවීම් ආරම්භ වීමට පැයකට විතර ඉස්සරවෙලා පිට්ටනියට ඇවිල්ලා පන්දු 500 ක් විතර මා පැස තුළට යවනවා” යයි 80 දශකයේදී කළ සම්මුඛ සාකච්ඡුාවකදී ප‍්‍රවීණ කී‍්‍රඩා වාර්තාකරුවකු වූ ටී. එම්. කේ. සමාත් මහතාට පර්සි පෙරේරා පවසා තිබිණ.

පර්සි පෙරේරා වඩාත් ප‍්‍රසිද්ධික් ඉසිලූවේ ‘හුක්’ ආකාරයේ විදීමකින් පන්දුව  පැස තුළට යැවීමටයි. එය ඔහුගේ අනන්‍යතාව ලෙසින්ද සැලකිණ.

පාසලේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේත් නිරත වූ පර්සි පෙරේරා පසුව එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජය ද නියෝජනය කරතිබේ. පසුකලෙක  ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගිය පෙරේරා මහතා ආසියාවේ දක්‍ෂතම පන්දු විදින්නා ලෙස සම්මාන ලබා හරියටම වසර 50 සපිරූ පසුගිය වසරේදී අභාවප‍්‍රාප්ත විය.


- 090

 


අදහස් (0)

පර්සි පෙරේරා අනුස්මරණ තරග 18 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.