ශ්රී ලංකා කඔ ඇදීමේ සංගමය සහ ශාන්ත ඔලියා කඔ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 2015 ජාතික කඔ ඇදීමේ තරඟාවලියේ පිරිමි, කාන්තා ශූරතා දෙකම දිනාගැනීමට ශ්රී ලංකා නාවික හමුදා පිරමි හා කාන්තා කණ්ඩාම් සමත් වූහ.
ත්වන්නප්පුවල බෝලවත්ත කම්මල ශාන්ත ඔදලියා විදුහල් ක්රීඩා පිටියේදී පැවති මෙම තරගාවලිය සදහා පිරිමි කණ්ඩායමි 09 ක් සහ කාන්තා කණ්ඩායමි 07 ක් සහභාගිවී සිටියහ.
මෙහිදී පිරිමි අනු ශූරතාව රද්දොළුගම උදය ක්රීඩා කණ්ඩායම විසින් හිමිකරගන්නා ලද අතර කාන්තා අනු ශූරතාවද එම ක්රීඩා සංගමයේ කාන්තා කණ්ඩායම විසින් දිනා ගනු ලැබිණ.
ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නිරෝෂන් පෙරේරා මහතා ශූරයන්ට ශූරතා කුසලාන පිරිනැමුවේය.
මෙම අවස්ථාවට ශ්රී ලංකා කඔ ඇදීමේ සංගමයේ නිලධාරීන් වන ක්රිස්ටි ප්රනාන්දු ඩබ්. ඒ. කේ. ප්රසන්න උපාලි ලියනගේ සමන් පෙරේරා සුසිල් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
නාවික හමුදා පිරිමි කණ්ඩයමේ නායක චින්තක සහ කාන්තා කණ්ඩයමේ නායිකා චමල්කා ප්රධාන අමුත්තා අතින් කුසලාන ලබාගත් අයුරු...
ඡායාරූප - සඳලංකාව - හේමලතා ඞී හේවගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.