ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කරන ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ අවසන් තරග හෙට (23) කොළඹ මියුසියස් විදුහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත. පිරිමි සහ කාන්තා බර පංති අටකින් සමන්විත මෙවර තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 200 ක් පමණ සහභාගි වෙති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ත්‍යාග ප්රදානය සහ සමාප්ති උත්සවය පැවැත්වෙන අතර සම්මෙලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගිවෙති.
සමාප්ති උත්සවය සදහා මෙරටට පැමිණ සිටින කොරියානු ටයිකොන්ඩෝ කණ්ඩායමේ සංදර්ශනය අද පැවැත්වීමට නියමිතය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.