ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන්ට එරෙහිව දිගින් දිගටම විරෝධතා ඉදිරිපත් වෙමින් තිබියදී එහි උප සභාපතිවරයෙකු විසින් භාණ්ඩාගාරිකවරයාට එරෙහිව විරෝධතාවයක් ගොනු කර තිබේ. නිලධාරීන් අතර වාද භේද එන්න එන්නම වැඩිවෙමින් තිබෙන අතර මේ හේතුවෙන් කායවර්ධන සම්මේලනයේ අර්බුදකාරී තත්ත්වය දිගින් දිගටම උත්සන්න වෙමින් පවතින බවද දැනගන්නට තිබේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන සිකුරාදා (4) කායවර්ධන සම්මේලනයේ විධායක සභාව රැස්කරන ලෙස එහි වැඩබලන ලේකම් කේ. පී. තුෂාර මහතාට උදෙස් දී ඇතැයි ද වාර්තාවේ.
කී‍්‍රඩා අධ්යක්ෂ ජනරාල්වරයාගෙ නියෝග මත එම විශේෂ විධායක සභා රැුස්වීමේදී කායවර්ධන සම්මේලනයේ උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවත් එහිදී සම්මේලනයේ හිස්වන තනතුරු සඳහා සුදුස්සන් පත් කරගැනීමට විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීම සඳහා දින යොදා ගැනෙනු ඇති බවත් කායවර්ධන සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.