ශ්‍රී ලංකා ගොල්ෆ් සංමගය සංවිධානය කරන ශ්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ පිටියේදී මේ මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා දිනවල පෙරවරුවේ පැවැත්වේ.
මෙම තරගාවලිය වයස 18 න් පහළ විවෘත බාලක සහ බාලිකා ලෙස පැවැත්වේ.
ගොල්ෆ් ක්‍රීඩාවට ශ්‍රී ලංකා තරුණ පරපුර ආකර්ශනය කරගැනීමේ අරමුණින් මෙම තරගාවලිය වයස 15 ත් 17 ත් කාණ්ඩය ‘රන් අංශය’ ලෙසත්, වයස 12 ත් 14 ත් කාණ්ඩය ‘රිදී අංශය’ ලෙසත්, වයස 10 ත් 11 ත් කාණ්ඩය ‘ලෝකඩ අංශය’ ලෙසත්, වයස 9 න් පහළ අංශය ‘තඹ අංශය’ ලෙසත් කාණ්ඩ හතරක් ලෙස තරගාවලිය පැවැත්වේ.
තරගාවලිය පැවැත්වෙන තෙදින තුළ කුහර 18 ක් ක්‍රීඩා කිරීමෙන් ඕනෑම වයස් කාණ්ඩයක් නියෝජනය කරන ක්රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට විවෘත සමස්ත ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව තිබේ.
මෙවර 70 කට අධික සංඛ්‍යාවක් තරගාවලියට සහභාගි වනු ඇති බවට සංවිධායකයෝ විශ්වාස පළ කරති. පසුගිය වසරේ ශූරයා වූ ළමි`දු රයිනිකාට වයස් සීමාව ඉක්වමා යෑම හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී තිබේ.
මෙවර ආධුනික විවෘත අංශය වෙනුවෙන් ආමන්ඞ් ෆ්ලෙමර් කල්දේරා, එස්. ෆ්ලෙමින්, බුද්ධික ජයලත්, ටී. ආකාෂ්, එස්. කයිලාස් සහ ප්රෂාන් පීරිස් වැනි ක්‍රීඩකයන් සහභාගි වීම නිසා තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකි බව ගොල්ෆ් සංගමය පවසයි.
මෙම තරගාවලියට පිට පිටම අටවැනි වසරටත් සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ටී්රස් සමාගමේ ‘ප්‍රීමා’ අනුග්‍රහය දක්වයි.
ප්‍රීමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ෂූන් ටියෙන් ෂින්ග් මහතා විසින් අනුග්රහක චෙක්පත නිල වශයෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ රනිල් පීරිස් මහතාට සහ එහි කනිෂ්ඨ ගොල්ෆ් සංවර්ධන කමිටු සභාපතිනී නිලූ ජයතිලක මහත්මියට පිරිනමන ලද අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.