Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අවසන් දිනයේ අවුල් ජාලාවක්

අවසන් දිනයේ අවුල් ජාලාවක්

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ඩයන් ගෝමස් අභියෝග ශූරතා කනිෂ්ට බොක්සිං තරගාවලියේ අවසන් මහ තරග පැවැති පොලිස් ක්ෂේත‍්‍ර බලකා මූලස්ථාන කී‍්‍රඩාංගණයේ තරග නැරඹීමට ප‍්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම නිසා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්, ඔවුන්ගේ මවුපියන් සහ පුහුණුකරුවෝ දැඩි අපහසුතාවට ලක්වූහ.

මෙම තරගාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී මෙම 21 වැනිදා (සිකුරාදා) ආරම්භ වී 23 වැනිදා (ඉරිදා) නිමාවට පත්වීමට නියමිතව තිබුණද තරගාවලියේ සියලූ තරග පැවැත්වීමට නොහැකි වූ බැවින් අතිරේක දිනයක් ලෙස 24 වැනිදා (සඳුදා) ද තරග පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.

අතිරේක දිනය සඳහා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණය වෙන්කරවා ගැනීමට නොහැකිවූ බැවින් කොළඹ පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ඉතිරි තරග පැවැත්වීමට සිදුවිය.

දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණි කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සිය ගමන් මලූ තබා ගැනීමට හෝ රැදී සිටීමට පවා එම කී‍්‍රඩාංගණයේ තැනක් නොමැති වීම නිසා ඔවුන් තැන් තැන් වල රැදී සිටි අයුරු දැකගත හැකි විය. ඇතැම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ කී‍්‍රඩාංගණයේ කොරිඩෝවේ පවා වැතිරී සිටියහ.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවයේදීද ගැටලූකාරී සිදුවීම් රැසක් සිදුවූ අතර ඇතැම් කුසලාන සහ සහතිකපත් ඒවායේ නිසි හිමිකරුවන්ට නොව වෙනත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ලබාදීම නිසා ඔවුහු දැඩි අපහසුතාවන්ට පත්වූහ.

අවසානයේ පුහුණුකරුවන්ගේ සහ කී‍්‍රඩා භාර අචාර්ය වරුන්ගේ මැදිහත් වීම මත ලබාදුන් කුසලාන සහ සහතිකපත් නැවතත් ඉල්ලාගෙන ඒවායේ නිසි හිමිකරුවන්ට ලබාදීමට සංවිධායකයන්ට සිදුවිය.

එහිදී ඇතැම් සහතිකපත් වල ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමයේ සභාපති වරයාගේ අත්සන යොදා නොමැතිවීම නිසා එම සහතික පත් ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ පුහුණුකරුවන් ඊට විරෝධය දැක්වූහ. අවසන් දිනයේදී තරග පැවැත්වූ බොක්සිං වළල්ලේ දිග, පළල නියමිත ප‍්‍රමාණයට නොමැති බවටද ඇතැම්හු චෝදනා කළහ.  


ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

අවසන් දිනයේ අවුල් ජාලාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.