ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ ඊයේ (10 වැනිදා) පැවැති බාලක අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී ජය ලබා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවින්ද්‍ර පෙරේරා, චේන් ප‍්‍රනාන්දු, සවිත් වීරසිංහ සහ ආඩවන් පුෂ්පරාජ් යන කී‍්‍රඩකයෝ සමත් වූහ.
ඒ අනුව අද (11 වැනිදා) පැවැත්වෙන බාලක අවසන් පූර්ව වටයේ පළමු තරගයේදී අවින්ද්‍ර පෙරේරාට එරෙහිව චේන් ප‍්‍රනාන්දු තරග වැදීමට නියමිත අතර දෙවැනි තරගයේදී සවිත් වීරසිංහට එරෙහිව ආඩවන් පුෂ්පරාජ් තරග වැදීමට නියමිතය.
මෙහිදී කණිෂ්ට ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන බී. සුරේන් සහ එහි දෙවැනි ස්ථානයේ පසුවන අනීෂ් විජේසිංහ අර්ධ අවසන් පූර්ව වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.
වයස 18 පහළ බාලක අර්ධ අවසන් පූර්ව වටය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.