Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 16 න් පහළ කණිෂ්ට ටෙනිස් ශූරිය මේදිරා

16 න් පහළ කණිෂ්ට ටෙනිස් ශූරිය මේදිරා

සංජය එරමුදුගොඩ - 2015 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ජාතික කණිෂ්ට ටෙනිස් ශූරතාවලියේ වයස 16 පහළ බාලිකා කේවල ශූරතාව දිනාගැනීමට මේදිරා සමරසිංහ අද (14 වැනිදා) සමත් වූවාය.

කණිෂ්ට ටෙනිස් (බාලිකා) ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ පසුවන මේදිරා සමරසිංහ එම ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී (වයස 16 පහළ බාලිකා කේවල) තරග වට 2-0 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරමිනි.

පළමු අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරමින් අනිකා සෙනෙවිරත්න අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.

මේදිරා සමරසිංහ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තරග වට 2-0 ක් ලෙස ටාරා ගේ‍්‍රග් පරාජය කරමිනි.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරන අතර තරගාවලියේ නිල පන්දු සැපයුම්කරුවා ලෙස ඩන්ලොප් සමාගම කටයුතු කරයි.

 
වයස 16 පහළ බාලිකා අවසන් මහ තරගය

  • මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස අනිකා සෙනෙවිරත්න පරාජය කරන ලදි. (6/1, 6/1)


වයස 16 පහළ බාලිකා අවසන් පූර්ව වටය

  • අනිකා සෙනෙවිරත්න විසින් තරග වට 2-0 ක් ලෙස ජනාලි මනම්පේරි පරාජය කරන ලදි. (6/3, 6/4)
  • මේදිරා සමරසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස ටාරා ගේ‍්‍රග් පරාජය කරන ලදි. (6/1, 6/0)

අදහස් (0)

16 න් පහළ කණිෂ්ට ටෙනිස් ශූරිය මේදිරා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.