ලංකාවේ පැරණිතම පාපැදි කී‍්‍රඩා සමාජයක් වන ෆ්ලයිංවීල් කී‍්‍රඩා සමාජයේ 15 වැනි සංවත්සර උළෙල මේ මස 06 වැනි ඉරිදා පස්වරු 4.00 ට ජාඇල වැලිගම්පිටිය සණස ශාලාවේදී පැවැත්වේ. ෆ්ලයිංවීල් කී‍්‍රඩා සමාජයේ කී‍්‍රඩකයින්ට නවතම ඇඳුම් කට්ටලයක් එදින ප‍්‍රදානය කිරීමටද නියමිතය.
2015 සමස්ත ලංකා පාසල් පාපැදි ශූරතාව දිනාගත් ෆ්ලයිංවීල් සාමාජික ගිහාර ශි‍්‍රයන්ත සිල්වාට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයෙන් වටිනා පාපැදියක්ද ප‍්‍රදානය කෙරෙන බව ෆ්ලයිංවීල් කී‍්‍රඩා සමාජයේ සං ප‍්‍රවීණ පාපැදිශූර ඒ. බොනිෆස් පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සහ එල්. එස්. ආර්. සභාපති තිලක් වීරසිංහ යන මහත්වරුන් මෙම සංවත්සර උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස සහභාගී වීමට නියමිතය.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.