ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයේ කටයුතු වලට මැදිහත් නොවන්න’යි දන්වමින් අන්තර්ජාතික හොකී සම්මේලනයේ ප‍්‍රධාන විධායක නිලධාරී කෙලී ෆෙයාර්වෙදර් මහතා විසින් කී‍්‍රඩා අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතාට ලිඛිතව දන්වා තිබේ.
මෙම දැනුම්දීම කර මාස තුනක කාලයක් ඉක්ම ගියද පවතින තත්ත්වයේ වෙනසක් නැති බවත් තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ශී‍්‍ර ලංකා හොකී සම්මේලනය අන්තර්ජාතික වශයෙන් තහනමකට ලක්විය හැකි බවත් ශී‍්‍ර ලංකා හොකී සම්මේලනයේ හිටපු නිලධාරීහු කියති.
අන්තර්ජාතික හොකී සම්මේලනයෙන් කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත එවන ලද ලිපියේ සිංහල අනුවාදය මෙසේ දැක්වේ.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ලොසෑන්, 2015 සැප්තැම්බර් 1
ඉතා හදිසියි
කේ.ඞී.එස්. රුවන්චන්ද්‍ර මහතා
අධ්‍යක්ෂ ජෙනරාල්
කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
අංක 09, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 7, 00700
ශ්‍රී ලංකාව
ෆෙඩෙක්ස් මඟින්
විද්‍යුත් ලිපිනය : departmentofsportsdevelopment@gmail.com
ෆැක්ස් මඟින් : 00994-112669880/00994-112697934/00994-112693229
මහත්මයාණෙනි,
කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක හා ශ්‍රී ලංකා හොකී සම්මේලන කි‍්‍රයාකාරී කමිටුවේ සභාපතිවරයා බංග්ලාදේශයේ ඩකා නුවර 2015 වසරේ පැවැත්වීමට නියමිත 18 න් පහළ අන්තර්ජාතික හොකී තරගාවලියේ තේරීම් තරගවලට සහභාගී වන්නැයි ආරාධනා කරමින් කී‍්‍රඩකයන්ට හා පාර්ශ්වකරුවන්ට පණිවිඩයක් යවා ඇතැයි අපට දැනගන්නට ලැබී ඇත.
එම ලිපියේ පිටපතක් අමුණා ඇත.
වර්තමාන කි‍්‍රයාකාරී කමිටුව විසින් තෝරාගනු ලැබ තරගාවලියට සහභාගී වන කිසිදු කණ්ඩායමක් අන්තර්ජාතික හොකී සම්මේලනය පිළිනොගන්නා බව මින් දන්වා සිටිමු.
ඔබ දන්නා පරිදි, අන්තර්ජාතික හොකී සම්මේලනයේ සියලූ සාමාජිකයන් ඔවුන්ගේ කටයුතු කළමනාකරණය කරන්නේ ස්වධීනව හා ඔලිම්පික් සංගමයෙන් පිටත සංවිධානවල බලපෑමකින් තොරවය. (අන්තර්ජාතික හොකී සම්මේලන ව්‍යවස්ථාවේ 2.2 (බී) (iv) වගන්තිය බලන්න). කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයාගේ ඉහත පණිවිඩය ව්‍යවස්ථානුකූලව මැදිහත්වීමක් වන අතර එය නීතිවිරෝධී කි‍්‍රයාවකි. කමිටුවේ සභාපතිවරයා ලෙස වික‍්‍රමසිංහ මහතා (කමිටුවේ සිටින අනෙකුත් සියලූ රජයේ නිලධාරීන් ද ඇතුළුව) පත්කිරීම ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් වන අතර ඔව්හුු කඩිනමින් එම තනතුරින් ඉවත් විය යුතුය.
අන්තර්ජාතික හොකී සම්මේලන ව්‍යවස්ථාවේ 2.6 (ඒ) (v) වගන්තිය මඟින් සම්මේලනය විධායක කමිටුවට ‘‘සාමාජිකයකුගේ ස්වාධීනත්වය, එහි කි‍්‍රයාකාරකම්වලට සහ හෝ එයි සංයුතියට ඔලිම්පික් සංගමයෙන් පිටත සංවිධානයක් විසින් බාධා කරනු ලබන්නේනම්” එය තහනම් කිරීමට හෝ නෙරපා දැමීමට බලය ලබා දී ඇත.
මෙම වාතවරණය යටතේ කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ කටයුතුවලට කරන මැදිහත්වීම් සියල්ල නවතා දැමිය යුතු අතර සම්මේලනයට ව්‍යවස්ථානූකූලව තමන්ගේ කණ්ඩායම(ම්) තෝරා ගැනීමට ඉඩ සැලැසිය යුතුය.
එසේ කිරීමට අසමත් වුවහොත්, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අන්තර්ජාතික හොකී සම්මේලනය මෙම කරුණ සම්මේලනයේ විධායක කමිටුවට තීරණයක් ගැනීම සඳහා යොමු කරන අතර එය, ශ්‍රී ලංකාව අන්තර්ජාතික හොකී සම්මේලනයේ සාමාජිකත්වය තහවුරු කිරීමට හෝ සම්මේලනයෙන් නෙරපා දැමීමට හේතුවනු ඇත. එහි කී‍්‍රඩකයන්ට හා නිලධාරීන්ට අන්තර්ජාතික හොකී සම්මේලන හෝ ආසියානු හොකී සම්මේලනයේ අනුදැනුම ඇතිව සංවිධානය කරනු ලබන තරගාවලිවලට සහභාගීවීමට නොහැකි බව මින් ඇඟවෙයි (වෙනත් දේ අතරින්) .
මීට විශ්වාසී
කෙලී ෆෙයාර්වෙදර්
ප‍්‍රධාන විධායක නිලධාරී - අන්තර්ජාතික හොකී සම්මේලන
පිටපත් :
තායිබ් ඉක‍්‍රම් මහතා - ප‍්‍රධාන විධායක නිලධාරී, ආසියානු හොකී සම්මේලනය
ආර්.බී.වික‍්‍රමසිංහ මහතා - සහකාර අධ්‍යක්ෂ, කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුව
ජෙරමි පොයිවි මහතා - අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව
පෙරේ මිරෝ මහතා - අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව
- 055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.