Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුරේෂ් ආසියානු අධ්‍යක්‍ෂ මණ්ඩලයට

සුරේෂ් ආසියානු අධ්‍යක්‍ෂ මණ්ඩලයට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා ආසියානු ටෙනිස් සම්මේලනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්ව ඇත.

ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනයේ ශත සංවත්සරයට සමගාමීව අද (28 වැනිදා) කොළඹදී පැවැති ආසියානු ටෙනිස් සම්මේලනයේ මහ සභා රැස්වීම සහ නිලවරණයේදී ඒ මහතා අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙකු ලෙස තේරී පත්විය.

ඉදිරි වසර 4 ක කාලයක් සඳහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස ඉන්දීය ජාතික අනිල් ඛන්නා මහතා තේරී පත් වූ අතර පිලිපීන ජාතික රැන්ඩි විලානුයිවා මහතා එහි භාණ්ඩාගාරික ධූරය සඳහා තේරී පත් විය.

වසර ගණනනාවක් පුරා ආසියානු ටෙනිස් සම්මේලනය වෙනුවෙන් කළ ගරු සේවය අගයමින් කුවේට්හි ශෙයික් අහමඞ් අල් සබාබ් මහතා එහි යාවජීව සභාපති ධූරය සඳහා තෝරා පත්කරගත් අතර සම්මේලනයේ නව ප‍්‍රධානියා ලෙස කාටාර්හි නසේර් අල් ගානිම් මහතා තෝරා පත්කර ගැනිණ.

 

 

 

 

 

 

 

 

 

 

 

 


ආසියානු ටෙනිස් සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය

සභාපති -
අනිල් ඛන්නා මහතා (ඉන්දියාව)
 
භාණ්ඩාගරික -
රැන්ඩි විලානුයිවා (පිලිපීනය)
 
යාවජීව සභාපති -
ශෙයික් අහමඞ් අල් සබාබ් මහතා (කුවේට්)
 
අධ්‍යක්ෂ මණ්ඩලය -
වොන් හොං ජෝ මහතා (කොරියාව)
න ඕ කවාති මහතා (ජපානය)
පිලිප් ලියු මහතා (චීන තායිපේ)
විබොවෝ විර්ජාවන් මහතා (ඉන්දුනීසියාව)
සුවාත් ලිප්ටපන්ලොප් මහතා (තායිලන්තය)
සයිද් දිලාවර් අබ්බාස් මහතා (පාකිස්තානය)
සුරේෂ් සුබ‍්‍රනියම් මහතා (ශ්‍රී ලංකාව)
මජිඞ් ශයෙස්ටේ මහතා (ඉරානය)
ආදිල් බුරුලිබයෙව් මහතා (කසකස්තානය)
අයිගර් ශෙප්ලෙව් මහතා (උස්බැකිස්තානය)
සාරා බේකර් මහතා (එක්සත් අරාබි එමීර් රාජ්‍ය)
නසේර් අල් ගානිම් මහතා (කටාර්)
අර්නෙසට් ෆ්ලෙයිහාන් මහතා (ලිබියාව)
හසීම් අදාස් මහතා (ජෝර්දානය)

 

ඡායාරූපය - ශානුක අරවින්ද


අදහස් (0)

සුරේෂ් ආසියානු අධ්‍යක්‍ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.