Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සුරාජ් - රසිඳු මවුන්ටන් පාපැදි තරග දිනති

සුරාජ් - රසිඳු මවුන්ටන් පාපැදි තරග දිනති

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියට සමාගාමීව උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැති විවෘත මවුන්ටන් පාපැදි තරගය ජයගැනීමට යුද හමුදාවේ සුරාජ් සුමේධ කෲස් සමත් විය.

එම තරගයේ දෙවැනි ස්ථානය ගුවන් හමුදාවේ අමල් සුරංගට හිමි වූ අතර යුද හමුදා කී‍්‍රඩකයන් වන කිවිසුරු කරුණාරත්න සහ ගයාන් ජානක විජේසිංහ පිළිවෙළින් එහි තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලට පත්වූහ.

එහිදී වයස 19 න් පහළ තරගකරුවන් සඳහා ද මවුන්ටන් පාපැදි තරගය ජය ගැනීමට දෙබරවැව ජාතික පාසලේ රසිඳු ගිම්හාන සමත් විය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි සහ යාන්ති‍්‍රක ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මවුනටන් පාපැදි සංගම එක්ව මෙම තරගාවලිය සංවිධානය කළ අතර පාපැදි විනිසුරු වසන්තා කහපොලආරච්චි මහත්මිය සහ බෙරලිහේන විදුහලේ විදුහල්පති ඒ. එච්. වීරකීර්ති මහතා එහි විනිසුරුවරු ලෙස කටයුතු කළහ.


විවෘත තරගය

1 සුරාජ් සුමේධ කෲෂ් (යුද හමුදාව)
2 අමල් සුරංග (ගුවන් හමුදාව)
3 කිවිසුරු කරුණාරත්න (යුද හමුදාව)
4 ගයාන් ජානක වජේසිංහ (යුද හමුදාව)


වයස 19 න් පහළ තරගය

1 රසිඳු ගිම්හාන (දෙබරවැව ජාතික පාසල)
2 ශක්ති ආදිත්‍ය (දෙබරවැව ජාතික පාසල)
3 උමේෂ් මධුසංඛ (දෙබරවැව ජාතික පාසල)
4 හෂේන් තරුෂික(දෙබරවැව ජාතික පාසල)

 

 

 

 

 

 

 

 

 

 

 

 

වයස 19 න් පහළ තරගයේ ජයග්‍රාහකයෝ

 

 

 

 

 

 

 

 

 

 

 

 

විවෘත තරගයේ ජයග්‍රාහකයෝ
 

ඡායාරූප - ශානුක අරවින්ද


අදහස් (0)

සුරාජ් - රසිඳු මවුන්ටන් පාපැදි තරග දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.