ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු, ප‍්‍රධාන ලේකම් පුලස්ති තරංග සහ උප සභාපති ප‍්‍රියන්ත ගජනායක යන මහත්වරුන්ගේ පත්වීම් ක‍්‍රීඩා පනතට පටහැනි බවට විරෝධතා ඉදිරිපත් වී තිබේ. කෙසේවුවත් මෙම චෝදනා විභාග කරන අතර ප‍්‍රධාන ලේකම් ධුරයෙන් පුලස්ති තරංග මහතා ඉල්ලා අස්විය.
මෙම නිලධාරීන් තිදෙනාගේම පත්වීම් කී‍්‍රඩා පනතට පටහැණි යයිද එය ක‍්‍රීඩා පනතේ 13x1 වගන්තිය උල්ලංඝණය කරමින් පැවැති නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන බවද කියමින් විරෝධතා ඉදිරිපත් කර ඇත්තේ සම්මේලනයේ උප සභාපතිවරයකු වන රනිල් සම්පත් මහතා ඇතුළු රද්දොළුව බොඩි පවර් හා රාගම සකෝ ෆිට්නස් යන ක‍්‍රීඩා සමාජ විසිනි.
සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු මහතා මීට පෙර උප භාණ්ඩාගාරික ධුරය දැරූ අයෙකු බැවින් නැවැත වාරයක් සම්මේලනයේ තනතුරු දැරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී ක‍්‍රීඩා ඇමැතිවරයාගෙන් අනුමැතිය ලබානොමැති බැවින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස රනිල් සම්පත් මහතා සිය විරෝධතාවයෙන් ඉල්ලා සිටියි. සභාපතිවරයාට එල්ලවී තිබෙන තවත් චෝදනාවක් වන්නේ පසුගිය මැයි 15 වැනිදා පැවැති නිලවරණයෙන් පසු මේ දක්වා පැවැති කිසිදු විධායක සභා රැුස්වීමකට සහභාගී වීමට අපොහොසත්වී තිබෙන බවය.
මේ අතර කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු මහතා තමන්ට එරෙහිව ඉදිරිපත්වී තිබෙන විරෝධතාවයට මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැතැයිද වාර්තාවේ.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.