Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සන්දේශ් - චන්ද්‍රිකා පළමු අදියර ජයගනිති

සන්දේශ් - චන්ද්‍රිකා පළමු අදියර ජයගනිති

ශනුක අරවින්ද - 2015 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ පළමු අදියරේ ජයග‍්‍රාහකයන් බවට පත්වීමට කැනේඩියානු කී‍්‍රඩක සන්දේශ් කාන්තිමහන්ති සහ ඉන්දීය කී‍්‍රඩිකා චන්ද්‍රිකා ජෝෂි සමත් වූහ.

බාලක අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකාවේ නාලක දිසානායක පරාජය කරමින් සන්දේෂ් කාන්තිමහන්ති පළමු අදියරේ ශූරතාවට හිමිකම් කී අතර බාලිකා අවසන් මහ තරගයේදී වට 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කී‍්‍රඩිකා සියාරා සිල්වා පරාජය කරමින් චන්ද්‍රිකා ජෝෂි පළමු අදියරේ ශූරතාවට හිමිකම් කීවාය.

බාලක අවසන් පූර්ව වටයේදී ඇමරිකා එක්සත් ජනපදයේ අර්ජුන් ශ්‍රීරාම් පරාජය කරමින් නාලක දිසානායක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර සන්දේෂ් කාන්තිමහන්ති අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ ඔස්ටේ‍්‍රලියාවේ අරුන් වෙන්කට් පරාජය කරමිනි.

බාලිකා අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාවේ අනිකා සෙනෙවිරත්න පරාජය කරමින් චන්ද්‍රිකා ජෝෂි අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ඉන්දියාවේ ශෙරොන් විලියම් පරාජය කරමින් සියාරා සිල්වා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.

මෙම අදියරේ බාලක යුගල ශුරතාව ඉන්දියාවේ වනූෂ් භාග්ටානි සහ රාහුල් ජයදීප් විසින්ද, බාලිකා යුගල ශුරතාව ශ්‍රී ලංකාවේ අනිකා සෙනවිරත්න සහ නෝරා සෙනවිරත්න විසින්ද දිනාගන්නා ලදහ.

ශ්‍රී ලංකාවේ වයස 14 න් පහළ ජාතික ශූරිය වන අනිකා සෙනවිරත්න බාලිකා කේවල අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වුවද, සිය සොහොයුරිය සමග එක්ව ඉන්දීය කී‍්‍රඩිකාවන් පරදවා බාලිකා යුගල ශූරතාව දිනාගැනීමට සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

තරගාවලියේ දෙවැනි අදියර මේ දින වලදී කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

තරග ප‍්‍රතිඵල

බාලක කේවල අවසන් මහ තරගය
සන්දේශ් කාන්තිමහන්ති (කැනඩාව) විසින් තරග වට 2-0 ක් ලෙස නාලක දිසානායක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/1, 6/1)

බාලිකා කේවල අවසන් මහ තරගය
චන්ද්‍රිකා ජෝෂි (ඉන්දියාව) විසින් තරග වට 2-0 ක් ලෙස සියාරා සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (6/3, 6/1)

බාලක යුගළ අවසන් මහ තරගය
වනූෂ් භාග්ටානි සහ රාහුල් ජයදීප් (ඉන්දියාව) විසින් තරග වට 2-1 ක් ලෙස සන්දේශ් කාන්තිමහන්ති (කැනඩාව) සහ අර්ජුන් ශ්‍රීරාම් (ඇමරිකා එක්සත් ජනපදය* පරාජය කරනු ලැබූහ. (6/1, 3/6, 12/10)

බාලිකා යුගළ අවසන් මහ තරගය
අනිකා සෙනවිරත්න සහ නෝරා සෙනවිරත්න (ශ්‍රී ලංකාව) විසින් තරග වට 2-1 ක් ලෙස ටාන්‍යා සාහා සහ රියා උබොවේජා (ඉන්දියාව) පරාජය කරනු ලැබූහ. (2/6, 7/6, 10/2)

ඡායාරූපය - ශානුක අරවින්ද

 


අදහස් (0)

සන්දේශ් - චන්ද්‍රිකා පළමු අදියර ජයගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.