Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සත්නිදු - රනුධි මේසපන්දු ශූරතා දිනති

සත්නිදු - රනුධි මේසපන්දු ශූරතා දිනති

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යාපනය මැදි විදුහලේදී පැවැති සමස්ත ලංකා මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර කිංග්ස්වුඞ් විදුහලේ සත්නිදු නවරත්නද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ මියුසියස් විදුහලේ රනුධි මුතුකුඩආරච්චිද සම්මාන දිනාගත්හ.

වයස 12 න් පහළ සහ 15 න් පහළ බාලක ශූරතා දිනාගනිමින් සත්නිදු නවරත්න තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. රනුධි මුතුකුඩආරච්චි, දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ වයස 12 න් පහළ, 15 න් පහළ බාලිකා ශූරතා දිනාගනිමින් සහ විවෘත කාන්තා අනුශූරතාව හිමිකරගනිමිනි.

ආසියානු/ජර්මානු කී‍්‍රඩා හුවමාරු වැඩසටහන සහ යාපනය දිස්ති‍්‍රක් මේසපන්දු සංගමය එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස යාපනය දිස්ති‍්‍රක් මේසපන්දු සංගමයේ සභාපති සහ යාපනය මැදි විදුහලේ විදුහල්පති එස්. කේ. එලිල්වෙන්තන් මහතා සහභාගි විය.

බාලක තරග ප‍්‍රතිඵල

  • වයස 8 න් පහළ

උෂාර වීරසිංහ (කොළඹ ප්ලේග‍්‍රවුන්ඞ් මේසපන්දු ලීගය) විසින් තරග වට 2-0 ක් ලෙස ෂෆීර් අස්ලම් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි. (11/5, 13/11)

  • වයස 10 න් පහළ

සත්නිදු නවරත්න (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සයිඞ් අබ්දුල්ලා (මහනුවර අල් හූධා ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (4/11, 11/9, 11/8)

  • වයස 12 න් පහළ

සත්නිදු නවරත්න (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස බෝමිර වීරසිංහ (කොළඹ ප්ලේග‍්‍රවුන්ඞ් මේසපන්දු ලීගය) පරාජය කරන ලදි. (12/10, 7/11, 11/6)

  • වයස 15 න් පහළ

රාජමෝහන් තුෂ්‍යන්තන් (යාපනය අනයිකොඞ්ඩායි විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස හසිත උදාර (මහනුවර කිංග්ස්වුඞ් විදුහල)  පරාජය කරන ලදි. (7/11, 11/5, 11/9)

  • වයස 18 න් පහළ

හසිත උදාර (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තේවරාජන් සජීවන් (යාපනය යුනියන් විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/9)

  • වයස 21 න් පහළ

රොෂාන් මහානාම (යාපනය යුනියන් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස සී. ඉන්ද්‍රජිත් (කොළඹ ප්ලේග‍්‍රවුන්ඞ් මේසපන්දු ලීගය) පරාජය කරන ලදි. (5/11, 11/8, 11/5)

බාලිකා තරග ප‍්‍රතිඵල

  • වයස 8 න් පහළ

නවීෂා ඉඳුවරනි (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස කෝවින්ද්‍යා චතුමිනි (ගාල්ල සදර්ලන්ඞ් විදුහල) පරාජය කරන ලදි. (11/9, 11/8)

  • වයස 10 න් පහළ

ගිනුරි සිත්මලී (ගාල්ල සදර්ලන්ඞ් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස නවීෂා ඉඳුවරනි (අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල) පරාජය කරන ලදි. (11/7, 15/17, 11/7)

  • වයස 12 න් පහළ

රනුධි මුතුකුඩආරච්චි (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ටෂිනි කාව්‍යා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදි. (11/2, 11/6)

  • වයස 15 න් පහළ

රනුධි මුතුකුඩආරච්චි (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ටෂිනි කාව්‍යා අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)  පරාජය කරන ලදි. (6/11, 11/6, 16/14)

  • වයස 18 න් පහළ

දිල්මා ෂෙහානි (රත්නපුර සුමනා බාලිකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ශනුමගලිංගම් පතුමිලා (යාපනය හින්දු විදුහල) පරාජය කරන ලදි. (11/2, 11/9)

  • වයස 21 න් පහළ

අශෝක්කුමාර් නර්මදා (යාපනය හින්දු විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ජයමලී හේරත් (මාතලේ ශ්‍රී සංඝමිත්තා විදුහල) පරාජය කරන ලදි. (11/9, 3/11, 12/10)

විවෘත තරග ප‍්‍රතිඵල

  • විවෘත පිරිමි

ඉෂාර මධුරංග (යුද හමුදාව) විසින් තරග වට 2-0 ක් ලෙස එස්. ඞී. දැඩිගමුව (කොළඹ විශ්ව විද්‍යාලය) පරාජය කරන ලදි. (11/5, 11/6)

  • විවෘත කාන්තා

මාලිකා මධුෂානි (කොළඹ නගර සභාව) විසින් තරග වට 2-0 ක් ලෙස රනුධි මුතුකුඩආරච්චි (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/1, 11/9)

ප‍්‍රවීන තරග ප‍්‍රතිඵල

  • ප‍්‍රවීන පිරිමි

බාලා සුභ‍්‍රමනියම් (මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව) විසින් තරග වට 2-0 ක් ලෙස ජේ. මෝහන් (යාපනය මැදි විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/9)

  • ප‍්‍රවීන කාන්තා

උදයංගනී අලූවිහාරේ (මාතලේ ප‍්‍රාදේශීය මහලේකම් කාර්යාලය) විසින් තරග වට 2-0 ක් ලෙස ශ්‍රීමයිතිලි සින්නප්පු (යාපනය චුන්ඩිකුලි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/5, 11/6)

 

 


අදහස් (0)

සත්නිදු - රනුධි මේසපන්දු ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.