වසර 13කට පසුව ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. හොං කොං දේශයේදී අද (20 වැනිදා) පැවති ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහතරගයේදී ගියවර ශූරියන් වන මලයාසියාව ලකුණු 53-48 කට පරාජය කරමින් මෙම විශිෂ්ඨ ජයග‍්‍රහණය ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකාව වසර 2002 දී ශෂිකා සමරසිංහගේ නායකත්වයෙන් ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලිය දිනා තිබිණ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේද කී‍්‍රඩිකාවක් වන ගයනි දිසානායක දැරීය. ශ්‍රී ලංකා පුහුණුකාරිණිය වූයේ තමරා ලියනගේ මහත්මියයි. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂත්වය වූයේ අපරාජිතව තරගාවලිය ජයගැනීමය. එහිදී ගියවර ශූරියන් වන මලයාසියාව දෙවතාවක් තරගාවලියේදී පරාජයට පත්කිරීමටද ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
ඉන්දියාවට එරෙහිව ලකුණු 102-10 ක් ලෙසත්, චීන තායිපේට එරෙහිව ලකුණු 93-32 ක් ලෙසත්, මලයාසියාවට එරෙහිව ලකුණු 64-48 ක් ලෙසත්, සිංගප්පූරුවට එරෙහිව ලකුණු 69-56 ක් ලෙසත්, හොංකොං දේශයට එරෙහිව ලකුණු 72-42 ක් ලෙසත් අඛණ්ඩව ජයග‍්‍රහණ පහක්ම ලබමින් එයින් අනතුරුව අවසන් මහ තරගයට පිවිසෙමින් ශ්‍රී ලංකාව මෙම අනගි ජයග‍්‍රහණය වාර්තා කළේය.
මේ වනවිට ජාත්‍යන්තර දැල්පන්දු කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ දැඩි පසුබෑමකට ලක්ව සිටින ශ්‍රී ලංකාව ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාව දිනාගැනීම කලකට පසු ලද අස්වැසිල්ලකි.
ශ්‍රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේ සිඞ්නි නුවරදී පැවති ලෝක දැල්පන්දු ශූරතාවලියේදී අන්ත පරාජයක් ලැබුවේ සහභාගී වූ තරග 08 ම පරාජයට පත්වෙමිනි.
මෙවර ආසියානු කනිෂ්ඨ දැල්පන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සිඞ්නි ලෝක දැල්පන්දු ශූරතාවලියට සහභාගී වූ පළපුරුදු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩිකාවන් තිදෙනෙකුද ඇතුළත්විය.
අද පැවැති අවසන් මහ තරගය තියුණු මුහුණුවරක් ගත් අතර එහිදී මලයාසියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට ප‍්‍රබල තර්ජනයක් ගෙනදෙමින් පළමු වටය ජයගැනීමට සමත් විය. ජයග‍්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (22) පෙරළා දිවයිනට දිවයිනට ළඟා වීමටද නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.