හොංකොං හිදී පැවැත්වෙන 9 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී ශ‍්‍රී ලංකාව සහ සිංගප්පුරුව අතර අද (18) පැවැති දෙවැනි වටයේ තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 69-56 ක ජයක් ලැබුහ. මේ ජයත් සමග ශ‍්‍රී ලංකාව කුසලානය සදහා තරග වදින රටවල් හතර අතරින් ප‍්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පැමිණ අවසන් තරගයට ද සුදුසුකම් ලැබීය.
සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, මැලේසියාව සහ හොංකොං යන රටවල් කුසලාන ශූරතාව සඳහා දෙවැනි වටයේදී තරග වදිති. ශ‍්‍රී ලංකාව එහි වත්මන් ශූරියන් වන මැලේසියාව ලකුණු 68-48 කින් ඊයේ පරාජය කළද, හොංකො පිල ලකුණු 64-26 කින් පරාජය කිරීම නිසා සිංගප්පුරුව ‘කුසලාන’ ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ සිටියේය.
කෙසේ වෙතත් අද පැවැති තරගයෙන් සිංගප්පුරුව පරාජය කළ ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයට පැමිණියේය. සිංගප්පුරුව සහ මැලේසියා අතර දෙවැනි වටයේ තරගය හෙට පැවැත්වෙන අතර එහි තීරණය අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය ලබන කණ්ඩායම තීරණය වනු ඇත.
ශ‍්‍රී ලංකාව හෙට (19) සත්කාරක හොංකොං පිලට එරෙහිව දෙවැනි වටයේ තවත් තරගයකට සහභාගිවීමට නියමිතය. දෙවැනි වටයේ තරග කුසලාන, පළඟ සහ පළිහ ලෙස කොටස් තුනකින් ක‍්‍රියාත්මක වේ.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.