හොංකොං හිදී දැන් පැවැත්වෙන 9 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ දෙවැනි වටයේ අවසන් තරගයේදී සත්කාරක හොංකොං පිල පරදවා ලකුණු 72-42 ක පහසු ජයක් ලබා ගැනීමට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. තරගාවලිය පුරා අපරාජිත එකම රට වන ශ්‍රී ලංකාව හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේදී මැලේසියාවට එරෙහිව තරග වැදීමට නියමිතය.
සිංගප්පුරුව ලකුණු 56-45 කින් පරාජය කළ මැලේසියාව අද අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් වරට 2013 වසරේදී බෲනායිහිදී පැවැති ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේදී මැලේසියාව ශූරතාව දිනාගත් අතර ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමිවිය.
කෙසේ වෙතත් මෙවර තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මැලේසියාව ලකුණු 68-48 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. එනිසා මෙවර තරගාවලියේ මැලේසියාවට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින අතර අවසන් තරගය තියුණු මුහුණුවරක් ගනුඇත. දෙවැනි වටයේ තරග කුසලාන, පළඟ සහ පළිහ ලෙස කොටස් තුනකින් ක‍්‍රියාත්මක වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.