Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2017 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කලාපීය III වැනි කාණ්ඩයේ සිරියාවට එරෙහිව අද (20 වැනිදා) පැවැති තරග මාලාවේදී තරග 2-1 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකාව ‘ඒ’ කොටසේ අපරාජිත කණ්ඩායම ලෙස තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.


මින් පෙර පැවැති මූලික වටයේ තරග වලදී ජෝර්දානය සහ පැසිෆික් කළාපීය කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකාව, අද සිරියාවට එරෙහිව පැවැති තරග මාලාවේදී එක් කේවල තරගයක් සහ යුගල තරගය ජයගැනීමට සමත් වූ අතර අනෙක් කේවල තරගයේදී පරාජයට පත් විය.


පළමු කේවල තරගයේදී සිරියා කණ්ඩායමේ යකූබ් මක්සූම් වට 2-0 ක් (6/1, 6/3) ලෙස පරාජය කළ හර්ෂණ ගොඩමාන්න තරග 1-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණට ගෙන ආවේය. එහෙත් දෙවැනි කේවල තරගයේදී වට 2-0 ක් (6/1, 7/6) ලෙස කරීම් අල් අලාෆ් හමුවේ ශාමල් දිසානායක පරාජයට පත්වීමත් සමග සිරියාව සහ ශ්‍රී ලංකාව තරග 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය.


කෙසේ වුවත් යුගල තරගයේදී වට 2-0 ක් (6/4, 6/1) ලෙස කරීම් අල් අලාෆ් සහ මජ්ඩි සලිම් පරාජය කළ හර්ෂණ සහ ශාමල් ශ්‍රී ලංකාවට තරග 2-1 ක ජයක් හිමිකර දුන්හ.


ඒ අනුව මූලික වටය අවසානයේ ‘ඒ’ කොටසේ පෙරමුණේ රැදී සිටි කණ්ඩායම ලෙස ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ‘බී’ කොටසේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායමට එරෙහිව අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකාව තරග බිමට පිවිසීමට නියමිතය.


‘බී’ කොටසේ අද පැවැති තරග වලදී ජය ලැබීමට ලෙබනනය සහ මැලේසියාව සමත් විය. එහිදී ලෙබනනය හමුවේ කුවේට් රාජ්‍යය තරග වට 3-0 ක් ලෙසද, මැලේසියාව හමුව් අරාබි එමීර් රාජ්‍යය තරග වට 2-1 ක් ලෙසද පරාජයට පත්විය.


මේ වන විට ‘ඒ’ කොටසට අදාල මූලික වටයේ සියලු තරග අවසන් වී ඇති අතර ‘බී’ කොටසට අයත් තවත් මූලික වටයේ තරග 2 ක් හෙට (21 වැනිදා) දිනයේදී පැවැත්වේ. එහිදී මැලේසියාවට එරෙහිව කුවේට් රාජ්‍යයත්, තර්ක්මේනිස්තානයට එරෙහිව අරාබි එමීර් රාජ්‍යයත් තරග වැදීමට නියමිතය.  

 

ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ  විශේෂ අවස්ථා... 


අදහස් (0)

ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.