ශ්‍රී ලංකා පාසැල් පැසිපන්දු සංගමයේ විශේෂ මහා සභා රැස්වීම සහ තරග කාල සටහන් සකස් කිරීමේ රැස්වීම සෙනසුරාදා (26) පෙරවරු 10.00ට කොළඹ ශාන්ත පීතර විදුහලේ දී පැවැත්වේ. සියලූම සාමාජික පාසල් වන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගි විය යුතුය.
මෙදින වයස 19 න් පහළ බාලිකා ‘ඒ’ කොටසේ සහ ‘බී’ කොටසේ තරගවල වයස 19 න් පහළ බාලක ‘බී’ කෙටසේ හා ‘ඒ’ කොටසේ තරගවලට තරග කාල සටහන් සකස් කිරීමට නියමිතය.
2016 වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන දකුණු ආසියාතික තරගාවලිය සඳහා ශ්‍රී ලංකා බාලිකා කණ්ඩයම තෝරා ගැනීමටත්, වයස 19න් පහළ ක‍්‍රීඩිකාවන් සඳහාත් තේරීමේ කටයුතු සැප්තැම්බර් 28 වැනි දා සවස 5.00 ට පොලිස් ක‍්‍රීඩාංගණ පැසිපන්දු පිටියේ පැවැත්වේ.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.