Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports වව්නියා ගුවන් භටයන්ට ස්කොෂ් ශූරතාව

වව්නියා ගුවන් භටයන්ට ස්කොෂ් ශූරතාව

සංජය එරමුදුගොඩ - 2015 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට වව්නියාව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සමත් වූ අතර එහි අනු ශූරතාව කටුනායක ගුවන් හමුදා කඳවුරු කාර්මික කණ්ඩායමට හිමිකර ගත්තේය.

ගෲප් කපිතාන් ආර්. ඒ. රාජපක්ෂ, වින්ග් කමාන්ඩර් ඞී. ආර්. ඩබ්. ජයවර්ධන, ස්කොඩ‍්‍රන් ලීඩර් කේ. එච්. රවින්ද්‍ර, ස්කොඩ‍්‍රන් ලීඩර් හුරීගොල්ල, ෆ්ලයිට් ලෙෆ්ටිනන් පී. ජේ. වීරසිංහ, කෝප‍්‍රල් එස්. කේ රණසිංහ සහ කෝප‍්‍රල් එස්. කේ. ඞී. ජයසේන යන ක‍්‍රීඩකයෝ ජයග‍්‍රාහී වව්නියාව ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කළහ.

තරගාවලියේ විවෘත කේවල ශූරතාව දිනා ගැනීමට රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නාවික ගුවන් භට පී. කේ. අල්විස් සමත් වූ අතර එම කඳවුරේම සැරයන් ඩබ්. ඒ. එන්. අසේල විසින් එහි අනු ශූරතාව දිනාගන්නා ලදී.

ආධුනික, විවෘත, වයස 35 ට වැඩි සහ වයස 45 ට වැඩි ලෙස කාණ්ඩ හතරක් යටතේ පැවති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් තරගකරුවන් රැසක් සහභාගි වූ අතර රත්මලාන ගුවන් හමුදා කඳවරු ස්කොෂ් සංකීර්ණයේදී තරග පැවැත්විණි.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ක‍්‍රිෂාන්ත යහම්පත් මහතා සහභාගි වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා ස්කොෂ් සංචිතයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් එම්. එල්. කේ. පෙරේරා සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු රවී ජයසිංහ ඇතුළු නිලධාරීහු පිරිසක් ද එම අවස්ථාවට එක් වූහ.

 

 

සමස්ත ශූරතාව
වව්නියාව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම

 

සමස්ත අනු ශූරතාව
කටුනායක ගුවන් හමුදා කඳවුරු කාර්මික කණ්ඩායම


 
විවෘත කේවල
ශූරතාව - නාවික ගුවන් භට පී. කේ. අල්විස් (රත්මලාන කඳවුර)
අනු ශූරතාව - සැරයන් ඩබ්. ඒ. එන්. අසේල (රත්මලාන කඳවුර)

 

ආධුනික කේවල
ශූරතාව - නාවික ගුවන් භට ඒ. ජී. වික‍්‍රමසිංහ (රත්මලාන කඳවුර)
අනු ශූරතාව - විංග් කමාන්ඩර් එල්. එම්. නිශ්ෂංක (කටුනායක කඳවුර)

 

වයස 35 ට වැඩි
ශූරතාව - විංග් කමාන්ඩර් ජී. ආර්. ඩබ්ලිව්. ජයවර්ධන (වවුනියාව කඳවුර)
අනු ශූරතාව - විංග් කමාන්ඩර් පී. එන්. ගුණතිලක (කොළඹ කඳවුර)

 

වයස 45 ට වැඩි
ශූරතාව - ගෘප් කැප්ටන් එච්. ඊ. විජේවීර (කටුනායක කඳවුර)
අනු ශූරතාව - ගෘප් කැප්ටන් එච්. එම්. බී. හේරත් (රත්මලාන කඳවුර)

 

 

- 036


අදහස් (0)

වව්නියා ගුවන් භටයන්ට ස්කොෂ් ශූරතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.