Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ලෙනී ද සිල්වා කුසලාන රාජකීයයන්ට

ලෙනී ද සිල්වා කුසලාන රාජකීයයන්ට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය අතර පැවැති 10 වැනි ‘ලෙනී ද සිල්වා කුසලාන ’වාර්ෂික හොකී තරගයෙන් ගෝල 4-0 ක ජයක් ලබා ගැනීමට රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. කොළඹ රීඞ් මාවතේ කෘතිම හොකී ක‍්‍රීඩාංගණයේදී 19 න් පහළ වයස් කාණ්ඩයෙන් තරගය පැවැත්විණ.

තරගයේ් පළමු අර්ධය අවසානයේදී රාජකීය විද්‍යාලය ගෝල 3-0 ක් ලෙස පෙරමුණ ගත්තේය. ඉමාඞ් ඩුඞ්, දිනෙත් කරුණාරත්න සහ සජාඞ් ඉර්ෂාඞ් රාජකීය විදුහල් පිල වෙනුවෙන් ගෝල ලැබුහ. මෙම තරගයට සමගාමීව දෙවිදුහල් අතර පැවැති වයස 15 න් පහළ හොකී තරගයෙන්ද රාජකීය විදුහල ගෝල 4-1 ජයක් ලැබීය.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වු එම්.අයි.ද සිල්වා මහතා අතින් ජයග‍්‍රාහී රාජකීය විදුහල් 19 න් පහළ හොකී පිලේ නායක මලිත් රසාංග ‘ලෙනී ද සිල්වා කුසලානය’ ලබාගත් අයුරු.


- 090


 


අදහස් (0)

ලෙනී ද සිල්වා කුසලාන රාජකීයයන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.