Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රජරට ක‍්‍රයිට්රියම් 20 දා

රජරට ක‍්‍රයිට්රියම් 20 දා

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනය සංවිධානය කළ රජරට ක‍්‍රයිට්රියම් ශ්‍රේණිගත පාපැදි තරගාවලිය මෙම 20 වැනිදා පෙරවරු 8 ට අනුරාධපුර ජයන්ති මාවත කඩතිහ අසළදී පැවැත්වේ.

සුපිරි (පිරිමි), ජාතික ශ්‍රේණිගත හා ශ්‍රේණිගත නොවන ලෙස කාණ්ඩ තුනකින් තරගාවලිය පැවැත්වේ. වයස 23 න් පහළ පිරිමි, සුපිරි කාන්තා, කනිෂ්ඨ බාලක හා බාලිකා, වයස 17 න් පහළ (ස්ටෑන්ඩර්ඞ් බාලක) ලෙස ඉසව් පැවැත්වීමට නියමිතය.

අනුරාධපුරය ජයන්ති මාවත, ජයන්ති වටරවුම, මිහිදුපුර වටරවුම, ඉසුරුමුණිය වටරවුම, දෙකේ කණුව හන්දිය, අනුරාධපුරය බන්‍ධනාගාරය හරහා ආරම්භක ස්ථානය දක්වා පැමිණීමෙන් තරගයේ වටයක් සම්පුර්ණවේ.

ලබන පෙබරවාරී මස ඉන්දියාවේදී පැවැත්වෙන සාග් ක‍්‍රීඩා උළෙලේ පාපැදි තරගාවලිය සඳහා ක‍්‍රයිටීරියම් ඉසව්වද ඇතුළත් බැවින් මෙම තරගාවලිය, එම ඉසව්වට දක්‍ෂතා ඇති ක‍්‍රීඩකයන් හදුනාගැනීමේ අවස්ථාවක් වනු ඇතැයි අනුරාධපුර පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා පවසයි.

සාග් පාපැදි සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මේ වන විට අනුරාධපුරයේ නේවාසිකව පුහුණුවීම්වල නිරතවේ.


- 090


අදහස් (0)

රජරට ක‍්‍රයිට්රියම් 20 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.