Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යුද හමුදා වෙඩිල්ලට ජය

යුද හමුදා වෙඩිල්ලට ජය

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වෙඩි තැබීමේ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට රන් පදක්කම් 12 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනාගත් ශ‍්‍රී ලංකා යුද හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම සමත් විය.

එහිදී ‘වායු රයිෆල්’ වෙඩි තැබීමේ ඉසව්වේ පිරිමි අංශයෙන් ලකුණු 614.06 ක් ලබාගනිමින් නව වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා වෙඩික්කරු බලලත් නිලධාරී II එස්. එම්. එම් සමරකෝන් සමත් විය.  

යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය නියෝජනය කළ වෙඩි තැබීමේ කණ්ඩායම් සහ සිවිල් වෙඩි තැබීමේ කණ්ඩායම් 11 ක් මෙම තරගාවලියට සහභාගි විය.

ජාතික වෙඩි තැබීමේ සංගමයේ සංවිධානයෙන් දින 6 ක් පුරා වැලිසර ශ‍්‍රී ලංකා නාවික හමුදා වෙඩි පිටියේදී මෙම තරගාවලිය පැවැත්විණි.

යුද හමුදා කී‍්‍රඩකයෝ ලැබූ ජයග‍්‍රහණ

  • වායු රයිෆල් - පිරිම් ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීම

බලලත් නිලධාරී II එස්. එම්. එම් සමරකෝන්  

  • රැපීඞ් ෆයර් - පිරිමි කේවල ප‍්‍රථම ස්ථානය

කෝප‍්‍රල් එම්. පී. පතිරණ  

  • රැපීඞ් ෆයර් - පිරිමි කේවල දෙවැනි ස්ථානය

මේජර් ආර්. කේ. රත්නායක

  • නිදහස් පිස්තෝල - පිරිමි කේවල දෙවැනි ස්ථානය

කෝප‍්‍රල් එම්. පී. පතිරණ

  • ස්පෝර්ට් පිස්තෝල - කාන්තා කේවල දෙවැනි ස්ථානය

ලාන්ස් කෝප‍්‍රල් ඩබ්. ඒ. වීරක්කොඩි

  • වායු පිස්තෝල - පිරිමි කේවල දෙවැනි ස්ථානය

සාමාන්‍ය සෙබල ඩබ්ලිව්. ජී. විජේරත්න

  • බිම වැතිර වෙඩි තැබීම - පිරිමි තෙවැනි තෙවැනි ස්ථානය

කෝප‍්‍රල් පී. එච්. ඩබ්ලිව්. කරුණාරත්න

යුද හමුදා කී‍්‍රඩිකාවෝ ලැබූ ජයග‍්‍රහණ

  • වායු පිස්තෝල - කාන්තා කේවල ප‍්‍රථම ස්ථානය

සැරයන් කේ. එස්. කැන්දවල

  • ස්පෝර්ට් පිස්තෝල - කාන්තා කේවල තෙවැනි ස්ථානය

සැරයන් කේ. එස්. කැන්දවල

-036

 


අදහස් (0)

යුද හමුදා වෙඩිල්ලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.