Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports යසස් බණ්ඩාරට රන් පදක්කමක්

යසස් බණ්ඩාරට රන් පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ පූනේ නගරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී වයස 17 න් පහළ කිලෝ ග‍්‍රෑම් 50 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ යුගාන්ත යසස් බණ්ඩාර සමත් විය.

යුගාන්ත මින් පෙර කිලෝ ග‍්‍රෑම් 45 බර පංතිය නියෝජනය කරමින් සමස්ත ලංකා බර ඉසිලීමේ තරගාවලියේදීද රන් පදක්කමක් දිනගෙන ඇත. ඔහු ජාතික කනිෂ්ට ආධුනික බර ඉසිලීමේ තරගයේ රන් පදක්කමද, 2014-2015 සමස්ත ලංකා ලංකා ජාතික පාසල් බර ඉසිලීමේ තරගාවලියේදී වයස 17 න් පහළ කිලෝ ග‍්‍රෑම් 50 බර පංතියේ රන් පදක්කමද දිනාගෙන ඇත.

යුගාන්තගේ පුහුණුකරු ලෙස ක‍්‍රීඩා අමාත්‍යංශයේ ක‍්‍රීඩා නිලධාරී රුක්ෂාන් ගුණතිලක මහතා කටයුතු කරයි.

 


- 036


අදහස් (0)

යසස් බණ්ඩාරට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.