Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports බර ඉසිලීමේ ශූරතාව මධ්‍යම පළාතට

බර ඉසිලීමේ ශූරතාව මධ්‍යම පළාතට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම සමත්විය. දකුණු පළාත් කණ්ඩායම කාන්තා ශූරතාව දිනා ගත්තේය.

තරගාවලිය කොළඹ ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.

පිරිමි ශූරතාව දිනාගත් මධ්‍යම පළාත් ක‍්‍රීඩකයෝ රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් දස්කම් දැක්වුහ.  රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනාගනිමින් දකුණු පළාත් පිල කාන්තා ශූරතාව හිමිකරගත්තේය. රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනු වයඹ පළාත් පිල පිරිමි අනුශූරතාව දිනා ගනිද්දී උතුරු මැද පළාත එහි තෙවැනි ස්ථානය ලැබීය.

රන් පදක්කම් දෙකක් දිනාගත් බස්නාහිර පළාත කාන්තා අනුශූරතාව දිනාගත් අතර රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත් උතුරු මැද පළාත කාන්තා තෙවැනි ස්ථානයට පත්විය. මෙවර තරගාවලියේ නව ශ‍්‍රී ලංකා වාර්තා දෙකක් සහ තරග වාර්තා හතක් පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත්වුහ.

 


- 090


අදහස් (0)

බර ඉසිලීමේ ශූරතාව මධ්‍යම පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.