Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

සංජය එරමුදුගොඩ - 2015 ඔක් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර පාසල සංවිධානය කළ ජාත්‍යන්තර පාසල් වයස 19 න් පහළ බාලිකා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.

අවසන් මහ තරගයේදී ලකුණු 64-47 ක් ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල පරාජය කරමින් ඔවුහු එම ශූරතාව දිනාගත්හ.

පළමු වටයේදී පානදුර ලයිසියම්, කොළඹ සී. අයි. එස්., කොළඹ ගේට්වේ යන ජාත්‍යන්තර පාසල් පරාජය කරමින් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී ඔවුන් හමුවේ කොළඹ බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර පාසල පරාජයට පත් විය.

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ලූබ්නා මෝර්සෙත් තරගාවලියේ දක්ෂතම ආරක්ෂක කී‍්‍රඩිකාව ලෙසත්, හසීනා අබ්දුල්ලා තරගාවලියේ වටිනාම කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

මන්ධාරී ප‍්‍රනාන්දු වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ අතර ෆෙස්ටස් පෙරේරා සහ අසංක පෙරේරා යන මහත්වරු එහි පුහුණුකරුවෝ ලෙස කටයුතු කළහ.

 

 

 

 

 

 

 

 

 

 

(ඉදිරි පෙළ වමේ සිට) - ශෙනෙල් ඩයස්, හසීනා අබ්දුල්ලා, රෂ්මි පෙරේරා, තරිඳුනි රොද්‍රිගූ
(පසු පෙළ වමේ සිට)  - ෆෙස්ටස් පෙරේරා (පුහුණුකරු), නිෂානි පෙරේරා, පවනි රනේපුර, කසුනි ද සිල්වා, ලූබ්නා මෝර්සෙත්, මන්ධාරී ප‍්‍රනාන්දු (නායිකා), මිහින්සා ද අල්විස්, අෂා නිස්මා, ශයිනි හෙට්ටිආරච්චි, වරුණි බස්නායක (කී‍්‍රඩා භාර ආචාර්ය), අසංක පෙරේරා (පුහුණුකරු)

 

- 036


අදහස් (0)

පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.