දෝහා කටාර්හිදී මෙම 21 සිට 31 දක්වා පැවැත්වෙන ලෝක පැරා මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම එළබෙන 20 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
ඩයලොග් සමාගමේ අනුග‍්‍රහයෙන් මෙම තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 6 දෙනෙක් සහ නිලධාරීහු 4 දෙනෙක් එක්වෙති.
කර්නල් දීපාල් හේරත් මහතා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර රෝහිත ප‍්‍රනාන්දු මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම -
ප‍්‍ර‍්‍රසන්න ජයලත් (මීටර් 100, මීටර් 200), ඉන්දික චූලදාස (මීටර් 100, මීටර් 200), චමින්ද සම්පත් (හෙල්ල විසිකිරීම), දිනේෂ් පි‍්‍රයන්ත (හෙල්ල විසිකිරීම), දුමීර මධුරංග (මීටර් 100, මීටර් 200, දුර පැනීම), අමරා ඉන්දුමතී (මීටර් 100, මීටර් 200, දුර පැනීම), කර්නල් දීපාල් හේරත් (කළමනාකරු), රෝහිත ප‍්‍රනාන්දු (පුහුණුකරු), යූ. එස්. රොද්‍රිගූ (ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති) සහ කර්නල් රාජා ගුණසේකර (ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ ලේකම්)
| ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා විසින් ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා කණ්ඩායමට අනුග්‍රහක චෙක්පත පිරිනැමූ අවස්ථාව... |
| ශ්‍රී ලංකා පැරා කණ්ඩායම ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සහ ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සමග... |
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.