Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පර්සි පෙරේරා කුසලාන ශා. බෙනඩික් රතු පිලට

පර්සි පෙරේරා කුසලාන ශා. බෙනඩික් රතු පිලට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් පැසිපන්දු පිටියේදී පැවැති ආරාධිත පාසල් වයස අවුරුදු 13 න් පහළ පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයේදී ලකුණු 44/38 ක් ලෙස මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කළ ශාන්ත බෙනඩික් විදුහල් ‘රතු’ කණ්ඩායම පර්සි පෙරේරා අනුස්මරණ කුසලාන දිනාගැනීමට සමත් විය.

තරගයේ පළමු කාර්තුව අවසන් වන විට ලකුණු 4/5 ක් ලෙස පෙරමුණ ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් වුවද, දෙවැනි කාර්තුවේදී සිය සුපුරුදු රිද්මයට පැමිණි බෙනඩික් විදුහල් කී‍්‍රඩකයෝ ලකුණු 23/16 ක් ලෙස පළමු අර්ධය අවසන් කළහ.
 
තෙවැනි කාර්තුවේදී බෙනඩික් විදුහල් කණ්ඩායම සමග කරට කර තරගයක නිරත වූ මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම එහිදී තවත් ලකුණු 7 ක් ලකුණු පුවරුවට එක්කළ අතර බෙනඩික් විදුහල් කණ්ඩායමට එම කාර්තුවේදී ලබාගත හැකිවූයේ ලකුණු 2 ක් පමණි.

ලකුණු පුවරුව 25/23 ක් ලෙස සටහන් වන විට සිව්වැනි කාර්තුව ආරම්භ විය. එහිදී ඉතා දක්ෂ කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කළ බෙනඩික් විදුහල් කණ්ඩායමේ නායක නවීන් ජේම්ස් සිල්වා එතෙක් කණ්ඩායම් දෙක අතර පැවැති ලකුණු 2 ක පරතරය ලකුණු 6 ක් බවට පත් කරමින් සිය කණ්ඩායමට ලකුණු 44/38 ක ජයක් අත්කර දුන්නේය.

එහිදී ලකුණු 22 ක් රැස්කළ නවීන් ජේම්ස් සිල්වා අවසන් තරගයේ වටිනාම කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනාගත් අතර දක්ෂතම පන්දු විදින්නා ලෙස බෙනඩික් විදුහල් කණ්ඩායමේ අංජු ගම්ලත්ද, ආරක්ෂාකාරී කී‍්‍රඩකයා ලෙස එම විදුහලේම අසිරු කරවිටගේද, දක්ෂතම ආක‍්‍රමණශීලී කී‍්‍රඩකයා ලෙස මාරිස්ටෙලා විදුහල් කණ්ඩායමේ නිපුන් ප‍්‍රනාන්දුද සම්මාන දිනාගත්හ.

තරගාවලියේ සුවිශේෂී කී‍්‍රඩකයා වශයෙන් කෙන්ඩ්ලොෆ් ප‍්‍රනාන්දුපුල්ලේ සම්මාන දිනාගත්තේය.

‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී ලකුණු 26/23 ක් ලෙස කොළඹ ආනන්ද විදුහල පරාජය කිරීමට කුරුණෑගල ශාන්ත ආනා විදුහල සමත් විය. එම තරගයේ පළමු අර්ධය අවසන් වින විට ලකුණු 14/9 ක් ලෙස පෙරමුණ ගත්තේද කුරුණෑගල ශාන්ත ආනා විදුහලයි.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගි විය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

- 036


අදහස් (0)

පර්සි පෙරේරා කුසලාන ශා. බෙනඩික් රතු පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.