Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නෙත්මි වඩුගේ අවසන් පූර්ව වටයට

නෙත්මි වඩුගේ අවසන් පූර්ව වටයට

ශනුක අරවින්ද - 2015 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ශත සංවත්සර (100) ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කාන්තා කේවල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නෙත්මි වඩුගේ අද (18 වැනිදා) සමත් වූවාය. නෙත්මි මෙවර කනිෂ්ඨ ජාතික ටෙනිස් ශූරතාවලියේ වයස 18 න් පහළ ශූරතාව දිනාගත් කී‍්‍රඩිකාවද වන්නීය.

අද පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී තරග වට 2-0 ක් ලෙස සිතාරා අඹේවත්ත පරාජය කරමින් ඇය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය. එම තරගයේ ලකුණු තත්ත්වය 6/1 ක් සහ 6/0 ක් ලෙස සටහන් විය.

කෙසේ වුවත් කාන්තා කේවල අර්ධ අවසන් පූර්ව වටයේ ඉතිරි තරග වර්ෂාව නිසා අද නොපැවැත්වුණ අතර එම තරග හෙට දිනයේදී (19 වැනිදා) පැවැත්වීමට නියමිතය.

අද පැවැති විවෘත පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ තරග වලටද වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එම තරග අතර මැද නවත්වා, නැවැත්වූ තැන සිට හෙට දිනයේදී නැවතත් ආරම්භ කිරීමට තීරකවරු නියම කළහ.

හීරා ආෂික් සහ දිනේෂ්කාන්තන් තංගරාජා අතර පැවැති විවෘත පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ තරගය වර්ෂාව නිසා අතර මැද නතර කරන විට එම තරගයේ පළමු වටය පමණක් නිමා වී තිබිණ. ලකුණු 6/2 ක් ලෙස එම වටය ජය ගැනීමට දිනේෂ්කාන්තන් තංගරාජා සමත් වුවත්, නිමා වී නොතිබුණ දෙවැනි වටය ලකුණු 4/3 ක් පෙරමුණ ගැනීමට හීරා ආෂික් සමත්ව සිටියේය.

පාකිස්තානු ජාතික හීරා ආෂික් ඉතුක් වසරේ ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත කේවල ශූරතාව දිනාගත් අතර දිනේෂ්කාන්තන් තංගරාජාට එහි අනු ශූරතාව හිමිවිය. ඉකුත් වසරේදී හීරා ආෂික් හමුවේ පරාජය වීමට පෙර දිනේෂ්කාන්තන් තංගරාජා පිට පිට තෙවරක් (2011, 2012 සහ 2013 වසර වලදී) ජාතික ටෙනිස් ශූරයා බවට පත්ව සිටියේය.

විවෘත පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටයේ ශාමාල් දිසානායක සහ යසිත ද සිල්වා අතර පැවැති තරගයද වර්ෂාව නිසා අතර මැද නතර කිරීමට සිදු විය. එම තරගය නතර කරන විට පළමු වටය ලකුණු 6/3 ක් ලෙස ජයගැනීමටත්, දෙවැනි වටය 4/1 ක් ලෙස පෙරමුණ ගැනීමටත් ශාමාල් දිසානායක සමත් ව සිටියේය.

කොළඹ ටෙනිස් සංගම් මුලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස භාරතී එයාර්ටෙල් සමාගම කටයුතු කරයි.

කාන්තා කේවල අවසන් පූර්ව වටයේ ප‍්‍රතිඵල  

  • නෙත්මි වඩුගේ විසින් තරග වට 2-0 ක් ලෙස සිතාරා අඹේවත්ත පරාජය කරන ලදි. (6/1, 6/0)

පිරිමි කේවල අර්ධ අවසන් පූර්ව වටය (අද දිනයට කල් දමන ලදි)

  • දිනේෂ්කාන්තන් තංගරාජා සහ හීරා ආෂික් අතර තරගය (6/2, 3/4)
  • ශාමාල් දිසානායක සහ යසිත ද සිල්වා අතර තරගය (6/3, 4/1)

අදහස් (0)

නෙත්මි වඩුගේ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.