Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports තුන් ප‍්‍රයාම තරගයකට නාවිකයෝ අත තබති

තුන් ප‍්‍රයාම තරගයකට නාවිකයෝ අත තබති

ශනුක අරවින්ද - 2015 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා නාවික හමුදාව පළමු වරට සංවිධානය කරන විවෘත තුන්ප‍්‍රයාම තරගය ලබන නොවැම්බර් මස 01 වැනිදා පෙරවරු 6.30 සිට දික් ඕවිට ධීවර වරාය සහ උස්වැටකෙයියාව ආශ‍්‍රිතව පැවැත්වීමට යයි.  මෙම තරගයේ පිහිනුම් ඉසව්ව දික් ඕවිට ධීවර වරාය පරිශ‍්‍රයේද, පාපැදි සහ දිවීමේ ඉසව් දික් ඕවිට සිට මීගමුව මාර්ගය ඔස්සේද පැවැත්වේ.

පිරිමි පිහිනුම් ඉසව්ව මීටර් 750 ක දුරකින්ද, කාන්තා පිහිනුම් ඉසව්ව මීටර් 250 ක දුරකින් සමන්විත වේ. පාපැදි (පිරිමි) තරගයේ දුර කිලෝ මීටර් 20 ක් වන අතර කාන්තා තරගයේ දුර කිලෝ මීටර් 10 කි. ධාවන ඉසව්වේදී පිරිමි හා කාන්තා ඉසව් පිළිවෙළින් කිලෝ මීටර් 5 ක සහ 3 ක දුර ප‍්‍රමාණයකින් යුක්ත වේ.  

පිරිමි කාණ්ඩයේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන හිමිකරගන්නා කී‍්‍රඩකයන්ට කුසලාන සමග  පිළිවෙළින් රුපියල් 100 000, 75 000 ක් සහ 50 000 ක් බැගින්ද, කාන්තා කාණ්ඩයේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා පිළිවෙළින් කුසලාන සමග රුපියල් 50 000 ක්, 25 000 ක් සහ 15 000 ක් බැගින්ද ත්‍යාග පිරිනැමීමට නියමිතය.

සිව්වැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා ජයග‍්‍රහණ හිමිකරගන්නා ක‍්‍රීඩකයින්ටද රුපියල් දසදහස බැගින්ද, ක‍්‍රීඩිකාවන්ට රුපියල් පන්දහස බැගින්ද මූදල් ත්‍යාග රැුසක් පිරිනැමීමට නියමිතය.


තුන්ප‍්‍රයාම ක‍්‍රීඩා ඉසව්ව ජාතික මට්ටමින් ප‍්‍රචලිත කිරීමත්, දක්ෂතා සහිත ක‍්‍රීඩකයින්ට ඔවුන්ගේ ක‍්‍රීඩා කුසලතාවන් ඔප්නංවා ගැනීම සඳහා අවස්ථාව සැලසීමත් මෙම තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණ බව තරග සංවිධායකයෝ පවසති.

තරගාවලිය පිළිබඳ වැඩි තොරතුරු 071 8458786, 071 8037473 හෝ 071 1997169 යන දුරකථන අංක ඇමතීමෙන් හෝ නාවික හමුදා නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.


අදහස් (0)

තුන් ප‍්‍රයාම තරගයකට නාවිකයෝ අත තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.