සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා ජූඩෝ තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ නිපුන් පබසරද, දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස මහනුවර අංකුඹුර පරාක‍්‍රම ජාතික පාසලේ හසිනි මල්ෂිකා හේමන්තද සම්මාන ලැබූහ. කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය දින තුනක් පුරා ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසලේදී පැවැත්විණි.
ලකුණු 28.5 ක් ලබාගනිමින් සමස්ත බාලක ශූරතාව ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල් කණ්ඩායම දිනාගත් අතර සමස්ත බාලිකා ශූරතාව ලකුණු 32.5 ක් ලබාගනිමින් ගම්පොළ ජිනරාජ බාලිකා මහා විද්‍යාලය දිනාගත්තේය.
ජිනරාජ බාලිකා මහා විද්‍යාලය මෙවර ශූරතාව දිනාගැනීමත් සමග සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා ජූඩෝ තරගාවලිය ආරම්භයේ සිට 18 වැනි වරටත් අඛණ්ඩව එහි ශූරතාව දිනාගැනීම මෙහිදී කැපී පෙනේ.
මෙම තරගාවලිය ආරම්භයේ සිට එහි බාලක ශූරතාවද ගම්පොළ කලාපයෙන් පිට කලාපය රැුගෙන ඇති අතර ඒ අනුව වසර 18 ක් පුරා ජූඩෝ බාලක සහ බාලිකා ශූරතා ගම්පොළ ප‍්‍රදේශය තුළ ආරක්‍ෂා වී තිබේ.
මෙවර සමස්ත බාලිකා අනුශූරතාව ලකුණු 18.5 ක් ලබාගත් ගම්පොළ පන්විලතැන්න මහා විද්‍යාලයටත් ලකුණු 15 ක් ලබාගත් මහනුවර අංකුඹුර මහා විද්‍යාල කණ්ඩායමට එහි තෙවැනි ස්ථානයත් හිමිවිය.
සමස්ත බාලක අනුශූරතාව ගම්පොළ ජිනරාජ පිරිමි විද්‍යාලය හිමිකරගත් අතර ඒ ලකුණු 21.5 සමගිනි. එහි තෙවැනි ස්ථානය ලකුණු 10 ක් ලබාගත් ගම්පොළ වැවතැන්න මහා විද්‍යාලයීය කණ්ඩායමට හිමි විය.
තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානය සඳහා ප‍්‍රධාන ආරාධිතයන් ලෙස ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද පේ‍්‍රමසිරි, පළාත් කී‍්‍රඩා අධ්‍යක්‍ෂ අතුල ජයවර්ධන, පාසල් ජූඩෝ සංගමයේ සභාපති ජයන්ත කුමාරසිංහ, එහි ලේකම් එම්.ජී.ජී.ජී. දිසානායක යන මහත්වරු සහභාගි වූහ.
ගම්පොළ ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ නිපුන් පබසර සහ මහනුවර අංකුඹුර පරාක‍්‍රම ජාතික පාසලේ හසිනි මල්ෂිකා
බාලක ශූරතාව දිනාගත් ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල් කණ්ඩායම
සමස්ත බාලිකා ශූරතාව දිනාගත් ගම්පොළ ජිනරාජ බාලිකා කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.