කුරුණෑගල ටෙනිස් ක‍්‍රීඩා සමාජය 5 වැනි වරටත් සංවිධානය කරන ජානක බෝගොල්ලාගම අනුස්මරණ කුසලාන ශ්‍රේණිගත කිරීමේ ටෙනස් තරගාවලිය දෙසැම්බර් මස 4 වැනිදා කුරුණෑගල ටෙනිස් ක‍්‍රීඩා සමාජයේදී පැවැත්වේ.
1960 වසරේදී ජාතික කනිෂ්ඨ ටෙනිස් ශූරයකු වු ජානක බෝගොල්ලාගම මහතා, ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ මෙන්ම කුරුණෑගල ටෙනිස් ක‍්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයෙකි.
විවෘත පිරිමි සහ කාන්තා කේවළ සහ යුගල ඉසව්වන්ගෙන් සමන්විත මෙම තරගාවලිය ‘බී’ ශ්‍රේණියට ඇතුළත්ය. වයස 7 න් පහළ, 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ සහ 14 න් පහළ වයස් කාණ්ඩ යටතේ මෙන්ම වයස 16 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) වයස් කාණ්ඩවලින්ද තරග පැවැත්වේ.
තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම හෙට (30) අවසන්වන අතර ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය ඇතුඵ දිවයින පුරා ක‍්‍රියාත්මක ටෙනිස් ක‍්‍රිඩා සමාජ වලට අයැදුම්පත් බාරදිය හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.