Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික මල්ලවපොර ශූරතාවලිය අද සිට

ජාතික මල්ලවපොර ශූරතාවලිය අද සිට

editorial - 2026 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය සංවිධානය කරන ජාතික මල්ලවපොර තරගාවලිය (2025) අද (21) සිට කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී ආරම්භ වේ. තරගාවලිය හෙටත් අනිද්දාත් (22 - 23) එහිදී පැවැත්වේ.

පොදුරාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා  පදක්කම්ලාභී, මල්ලවපොර ක්‍රීඩිකා  නෙත්මි අහිංසා ප්‍රනාන්දු ඇතුළු දිවයිනේ නමගිය මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් බර පන්තීන් රැසක් යටතේ මෙවර තරගාවලියට සහභාගි වෙති.

වසර 2028 දී  එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වීමට නියමිත මීළග ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළුව මෙම වසරේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරග මාලා ඉලක්ක කරමින් කැඳවෙන ජාතික මල්ලවපොර පුහුණු සංචිත (කාන්තා හා පිරිමි) සඳහා මූලික තේරීම් මෙම තරගාවලියෙන් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා පවසයි.

දිවයින පුරා ස්ථාපිත මල්ලවපොර ක්‍රිඩා සමජ හා පාසල් හැරුණු කොට ත්‍රිවිධ හමුදා,පොලිස්,විශ්ව විද්‍යාල යන ප්‍රධානතම මල්ලවපොර ක්‍රීඩා සමාජද තරගාවලියට සහභාගි වෙයි.

 


අදහස් (0)

ජාතික මල්ලවපොර ශූරතාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.