අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලය 4 වැනි වරට සංවිධානය කරන දකුණු පළාත් අන්තර් පාසල් චෙස් තරගාවලිය සඳහා අයැදුම්පත් මේ මස 17 වැනිදා දක්වා භාර ගැනේ.
අයැදුම්පත් දිනේෂ් ජෝතිරත්න මහතා, චෙස් ක‍්‍රීඩා භාර ආචාර්ය, පී. ද එස්. කුලරත්න විද්‍යාලය, අම්බලන්ගොඩ යන ලිපිනයට යොමු කළ යුතුය.
ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත‍්‍රික්ක තුනේ පාසල්වල චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පමණක් මේ තරගාවලියට සහභාගි විය හැකිය. තරගාවලිය වයස 7න් පහළ, 9න් පහළ, 11න් පහළ, 13න් පහළ හා 15න් පහළ බාලක සහ බාලිකා වශයෙන් පැවැත්වේ.
මෙම තරගාවලිය මේ මස 19 හා 20 දෙදින අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයීය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර, අතර තරගාවලිය පිළිබඳ වැඩි විස්තර හා අයැදුම්පත් භාරදීමට 0714427267 සහ 0772627230 යන දුරකතන අංකවලට ඇමතිය යුතුය.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.