Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ක‍්‍රීඩා ඇමැති නිර්දේශය යසාට

ක‍්‍රීඩා ඇමැති නිර්දේශය යසාට

ශනුක අරවින්ද - 2015 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු දැල්පන්දු සංගමයේ සභාපති ධුරයට ශ්‍රී ලංකාවෙන් යසා රාමචන්ද්‍ර මහත්මිය නිර්දේශ කිරීමට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පෙරේදා (7) තීරණය කළ බව වාර්තා වේ. ඒ සඳහා කලින් ශ්‍රී ලංකාවෙන් යෝජනා වී සිටි ආසියානු දැල්පන්දු සංගමයේ වත්මන් සභාපතිනිය ද වන ලක්‍ෂමී වික්ටෝරියා මහත්මිය වෙනුවට ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් යසා රාමචන්ද්‍ර මහත්මිය නිර්දේශ කර තිබේ.

රාමචන්ද්‍ර මහත්මිය මේ වනවිට ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපතිනිය ලෙස කටයුතු කරයි.

වසර 2013 සිට ආසියානු දැල්පන්දු සංගමයේ සභාපති ධුරය දරන නමුත් ක‍්‍රීඩා ඇමැතිවරයාගේ නව තීරණයත් සමග එම ධුරයේ දෙවැනි වතාවටත් ඉදිරිපත්වීමේ අවස්ථාව ලක්‍ෂමී වික්ටෝරියා මහත්මියට වැළකී ගිය බව දැල්පන්දු ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

”ලංකාදීප”ය කළ විමසුමකට අදහස් දැක්වූ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසුවේ ශ්‍රී ලංකාවෙන් වඩාත් සුදුසු නාමයෝජනාවක් ලෙස රාමචන්ද්‍ර මහත්මිය නිර්දේශ කිරීමට ක‍්‍රීඩා ඇමැතිවරයා කටයුතු කළ බවය. ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනියක් වන ටි‍්‍රක්‍ෂි නානායක්කාර මහත්මියද ආසියානු දැල්පන්දු සංගමයේ මුල් පුටුව සඳහා ශ්‍රී ලංකාවෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්‍ෂිකාවකි.

කෙසේ වුවත් මුලින් ඉදිරිපත් වූ නාමයෝජනා දෙකෙන් එකක් තෝරා එවන ලෙස ක‍්‍රීඩා ඇමැතිවරයා කළ දැනුම්දීමට අනුව ඉකුත්දා රැුස්වූ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ විධායක සභාව බහුතරයකගේ කැමැත්තෙන් ආසියානු දැල්පන්දු මුල් පුටුව සඳහා ලක්‍ෂමී වික්ටෝරියා මහත්මිය නම් කිරීමට තීරණය කළේය.

ඒ අනුව වික්ටෝරියා මහත්මියගේ නාමයෝජනාව ආසියානු දැල්පන්දු සංගමයට ඉදිරිපත් කර තිබියදීත් ඒ සඳහා යසා රාමචන්ද්‍ර මහත්මිය නිර්දේශ කරමින් ක‍්‍රීඩා ඇමැතිවරයා ගත් අනපේක්‍ෂිත තීරණය මේ වනවිට දැල්පන්දු ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ දැඩි අවධානයට යොමුව තිබේ.

ආසියානු දැල්පන්දු සංගමයේ නිලවරණය (2015-17) මෙම 21 වැනිදා හොං කොං රාජ්‍යයේදී පැවැත්වේ.

ආසියානු දැල්පන්දු සංගමයේ නිලවරණයේදී බොහෝ විට තනතුරු පිරවෙන්නේ නිතරගයෙන් බැවින් වෙනත් රටවලින් සභාපති ධුරයට නාමයෝජනා ඉදිරිපත් නොවුණහොත් ශ්‍රී ලංකාවේ යසා රාමචන්ද්‍ර මහත්මිය එහි නව සභාපතිනිය ලෙස නිතරගයෙන් පත්වනු ඇත.

එසේ වුවහොත් ඇය එම ධුරයට පත්වන තෙවැනි ශ්‍රී ලාංකික කාන්තාව වන අතර එම ධුරයට ශ්‍රී ලංකාවෙන් පත්වූ පළමු තැනැත්තිය වන්නේ ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ හිටපු සභාපතිනියක් වන තමාරා ධර්මකීර්ති හේරත් මහත්මියයි.

●●●

 


අදහස් (0)

ක‍්‍රීඩා ඇමැති නිර්දේශය යසාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.