Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කී‍්‍රඩා ඇමතිට විශේෂ ආරාධනාවක්

කී‍්‍රඩා ඇමතිට විශේෂ ආරාධනාවක්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රටක කී‍්‍රඩා අමාත්‍ය ධූරයක් ලද ලොව ප‍්‍රථම වූෂූ කී‍්‍රඩකයා බවට පත්වූ ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට 13 වැනි ලෝක වූෂූ ශූරතාවලියේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ආරාධනාවක් ලැබී තිබේ.

අන්තර්ජාතික වූෂූ සම්මේලනයේ සභාපතිවරයා මෙන්ම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු මෙන්ම චීනයේ හිටපු නියෝජ්‍ය කී‍්‍රඩා ඇමතිවරයකුද වන යූ සායිචිං මහතා විසින් දයාසිරි ජයසේකර මහතාට මෙම ආරාධනාව එවනු ලැබ තිබේ.

පස් වතාවක්ම චීනයේ ජාතික වූෂූ ශුරයා වූ ලී ලියැන්ජිද (ජනපි‍්‍රය හොළිවුඞ් නළු ජෙට් ලී) මෙවර වූෂූ ලෝක ශූරතාවලියේ විශේෂ ආරාධිතයන්ගෙන් කෙනෙකි.

ලෝක වූෂූ ශුරතාවලිය වසර දෙකකට වරක් පැවැත්වෙන අතර එය අන්තර්ජාතික වූෂූ සම්මේලනයේ ප‍්‍රධානතම තරගාවලියද වෙයි. 13 වැනි වූෂූ ලෝක ශුරතාවලිය නොවැමබර් මස 12 වැනිදා සිට 19 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

කී‍්‍රඩා ඇමතිට විශේෂ ආරාධනාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.