Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන ශූරතාව මධ්‍යම පළාතට

කායවර්ධන ශූරතාව මධ්‍යම පළාතට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලියේ ශූරතාව මධ්‍යම පළාත් කණ්ඩායම විසින් දිනාගන්නා ලදී. බස්නාහිර පළාත් කණ්ඩායම අනුශූරතාව හිමිකර ගත් මෙම තරගාවලිය පසුගියදා කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.

ශූරතාව සදහා මධ්‍යම පළාත රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර බස්නාහිර පළාත් පිල රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය.

තරගාවලියේ පැවැති බර පංති නවයෙන් රන් පදක්කම් හයක්ම මධ්‍යම සහ බස්නාහිර පළාත් වලට බෙදී යද්දී අනෙක් රන් පදක්කම් තුන දකුණ, වයඹ සහ උතුරු මැද පළාත් අතර බෙදී ගියේය.

කිලෝග‍්‍රෑම් 55,60, 65, 70, 75, 80, 85, 90 සහ 90 ට වැඩි යන බර පංති නවයෙන් තරග තිබිණ. කිලෝග‍්‍රෑම් 80 බර පංතිය ජයගත් චමින්ද පීරිස් ජාතික කී‍්‍රඩා උළෙලේ කායවර්ධන ශූරයා ලෙස තේරීපත්විය.

 

- 090


අදහස් (0)

කායවර්ධන ශූරතාව මධ්‍යම පළාතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.