Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා ජනුක

කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා ජනුක

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ ශ‍්‍රී ලංකා කනිෂ්ඨ විවෘත ගොල්ෆ් තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට ජනුක ඩිල්ෂාන් සමත්විය.

කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ පිටියේදී පැවැති මෙම තරගාවලිය රන් කාණ්ඩය (වයස 15-17), රිදී කාණ්ඩය (වයස 12-14), ලෝකඩ කාණ්ඩය (වයස 10-11) සහ තඹ කාණ්ඩය (වයස 9 න් පහළ) ලෙස කාණ්ඩ හතරකින් ක‍්‍රියාත්මක විය.
 
15 හැවිරිදි ජනුක, ‘රන්’ කාණ්ඩයේ ශූරතාව සහා පහර 225 කින් තරගය නිම කළේය. ප‍්‍රසාන් පීරිස්ට තරගය නිම කිරීම සඳහා පහර 233 ක් ගැසීමට සිදුවූ අතර ටී. ආකාෂ්ට තරගය අවසන් කිරීමට පහර 234 ක් ගැසීමට සිදුවිය.

තරගාවලියට පිට පිට අටවැනි වරටත් සිලෝන් ඇග්රෝ ඉන්ඩස්ටීරිස් සමාගමේ ‘ප‍්‍රීමා’ අනුග‍්‍රහය ලැබිණ.  

 


අවසන් තරග ප‍්‍රතිඵල:

රන් කාණ්ඩය (වයස 15-17)

1. ජනුක ඩිල්ෂාන් (225)
2. ප‍්‍රසාන් පීරිස්ට (233)
3. ටී. ආකාෂ්ට (234)


රිදී කාණ්ඩය (වයස 12-14)

1. තාන්යා බාලසුරිය (235)
2. විනෝද් වීරසිංහ (236)
3. ඩිල්ෂාන් මලින්ද (253)


ලෝකඩ කාණ්ඩය (වයස 10-11)

1. නයිජල් ප‍්‍රනාන්දු (173)
2. යැනික් කුමාර (186)
3. කේ.ධනුෂාන් (198)


තඹ කාණ්ඩය (වයස 9 න් පහළ)

1. නිරෙක් තජ්වානි (92)
2. ෂෙනාල් බිනුක (100)
3. පී.මුරලිදරන් (109)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ප‍්‍රීමා ශ‍්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ෂූන් ටියෙන් ෂින්ග් මහතා විසින් ජනුක ඩිල්ෂාන්ට ශූරතාව පිරිනමන ලද අයුරු...


 

  - 090


අදහස් (0)

කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා ජනුක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.