ඕස්ටේ‍්‍රලියානු කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ වයස 17 න් පහළ ශූරතාව දිනාගැනීමට ෂෙහානා විතාන සමත් වූවාය. අවසන් මහ තරගයේදී තරග වට 3-2 ක් ලෙස තස්මේනියා ප‍්‍රාන්තය නියෝජනය කළ ග‍්‍රාස් පැටිසන් පරාජය කරමින් ශෙහානා එම ශූරතාවට හිමිකම් කියා තිබේ.
එහිදී පළමු වටය පැටිසන් හමුවේ ලකුණු 4/11 ක් ලෙස පරාජයට පත්වුවද, දෙවැනි සහ තෙවැනි වට පිළිවෙළින් ලකුණු 11/7 ක් සහ 11/6 ක් ලෙස ජය ගැනීමට ෂෙහානා සමත් වූවාය. ලකුණු 7/11 ක් ලෙස සිව්වැනි වටයේ ජයගැනීමට පැටිසන් සමත් වීමත් සමග තරගය වට 2-2 ක් ලෙස සම තත්ත්වයට පත්වූ අතර දෙනොටම තීර්ණාත්මක වූ පස්වැනි වටයේදී ලකුණු 12/10 ක් ලෙස තියුණු ජයක් වාර්තා කළ ෂෙහානා, සමස්ත තරගයේ ජය තමන් සතුකර ගත්තාය.
මේ වන විට ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර පදිංචි වී සිටින ෂෙහානා නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූවාය. ඇය 8 වැනි ශ්‍රේණිය දක්වා බම්බලපිටිය ශූද්ධ වූ පවුලේ කණ්‍යාරාමයේ ඉගෙනුම ලබා තිබේ.
අවසන් තරගය
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.