Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආසියානු කනිෂ්ඨ තරග 29 දා ඇරඹෙයි

ආසියානු කනිෂ්ඨ තරග 29 දා ඇරඹෙයි

ශනුක අරවින්ද - 2017 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මේසපන්දු සංගමයේ අධීක්‍ෂණය යටතේ කොරියානු මේසපන්දු සංගමය සංවිධානය කරන ආසියානු කනිෂ්ඨ (වයස 18 න් පහළ) සහ ආධුනික (වයස 15 න් පහළ) මේසපන්දු තරගාවලිය මේ මස 29 වැනිදා සිට ජූලි මස 4 වැනිදා දක්වා කොරියාවේ අසාන් නුවරදී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා පෙරදිග ආසියාව, අග්නිදිග ආසියාව, දකුණු ආසියා, මධ්‍යම ආසියාව සහ බටහිර ආසියාව යන කළාප නියෝජනය කරමින් රටවල් 10 ක් සහභාගි වන අතර ඒ ඒ කළාප මට්ටමින් පැවැති තරගාවලි වලදී ශූරයන් සහ අනු ශුරයන් බවට පත්වෙමින් එම රටවල් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගත්තේය.

ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබාගත්තේ ඉකුත් මැයි මස මෙරටදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ සහ ආධුනික මේසපන්දු තරගාවලියේ අනුශුරතාවය හිමිකරගනිමිනි. එහි ශූරයන් බවට පත්වූයේ ඉන්දියාවයි.

මෙම තරගාවලිය අදියර දෙකකින් සමන්විත වන අතර පළමු අදියරේදී අවුරුදු 18 න් පහළ සහ 15 න් පහළ වයස් කාණ්ඩ සඳහා කණ්ඩායම් තරග පැවැත්වේ. දෙවැනි අදියරේදී අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩය සඳහා කේවල සහ යුගළ තරග පැවැත්වෙන අතර 15 න් පහළ වයස් කාණ්ඩය සඳහා කේවල තරග පමණක් පැවැත්වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 7 දෙනෙක් මෙම තරගාවලියට සහභාගි වන අතර වයස 18 න් පහළ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනා බැගින්ද, වයස 15 න් පහළ තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා බැගින්ද එහිදී තරග වැදීමට නියමිතය.

මහනුවර විද්‍යාර්ථ විදුහලේ දිනේෂ් කවිෂ්ක කනිෂ්ඨ කණ්ඩායමේ නායකයා ලෙසත්, කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරන අතර මහනුවර කිංස්වුඞ් විදුහලේ චන්දූප අලහකෝන් ආධුනික කණ්ඩායමේ නායකයා ලෙසත්, අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහලේ ඩී. එච්. කොළඹගේ එම කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති.

වජිර වික්‍රමසිංහ මහතා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ලලිත් ලියනගේ මහතා කලමණාකරු ලෙසත්, සඳුනි කවිතිලක මෙනවිය බාලිකාවන් භාර නිලධාරිණිය ලෙසත් කණ්ඩායමට එක්ව සිටිති.

කනිෂ්ඨ (වයස 18 න් පහළ) බාලක කණ්ඩායම
දිනේෂ් කවිෂ්ක (මහනුවර විද්‍යාර්ථ විදුහල), දිෂංක තෙන්නකෝන් (මහනුවර ධර්මරාජ විදුහල), විරුණක හෙන්දහේවා (කොළඹ රාජකීය විදුහල) සහ නිමේෂ් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල)

කනිෂ්ඨ (වයස 18 න් පහළ) බාලිකා කණ්ඩායම
හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල), ඉමාෂා ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), තනුෂි රොද්‍රිගූ (මහනුවර මහාමායා විදුහල) සහ චමත්සරා ප්‍රනාන්දු (කොළඹ විශාකා විදුහල)

ආධුනික (වයස 15 න් පහළ) බාලක කණ්ඩායම
චන්දූප අලහකෝන් (මහනුවර කිංස්වුඞ් විදුහල), තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) සහ දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල)

ආධුනික (වයස 15 න් පහළ) බාලිකා කණ්ඩායම
ඩී. එච්. කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල), ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) සහ සඳුනි ප්‍රබුද්ධිකා (අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විදුහල)

 


පළමු පෙළ (වමේ සිට දකුණට): වජිර වික්‍රමසිංහ මහතා (පුහුණුකරු), චන්දුප අලහකෝන් (ආධුනික කණ්ඩායමේ නායක), දිනේෂ් කවිෂ්ක (කනිෂ්ඨ කණ්ඩායම් නායක), ලලිත් ලියනගේ මහතා (කළමණාකරු), හංසනි පියුමිලා (කනිෂ්ඨ කණ්ඩායම් නායිකා), ඩී. එච්. කොළඹගේ (ආධුනික කණ්ඩායමේ නායිකා) සහ සඳුනි කවිතිලක (බාලිකාවන් භාර නිලධාරිනි)

දෙවැනි පෙළ (වමේ සිට දකුණට): තනුෂි රොද්‍රිගු, ඉමාෂා ද සිල්වා, ජිතාරා වර්ණකුලසුරිය, දෙව්මිත් වීරසේන, විරුණක හෙන්දහේවා, දිෂංක තෙන්නකෝන්, නිමේෂ් රංචාගොඩ, තිසස් රංචාගොඩ, චමත්සරා ප්‍රනාන්දු සහ සඳුනි ප්‍රබුද්ධිකා
                                               

 


අදහස් (0)

ආසියානු කනිෂ්ඨ තරග 29 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.