බංගලාදේශයේ ඩකා නුවරදී ලබන ඔක්තෝම්බර් මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වී) හොකී තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේ තේරීම් තරග එළබෙන සැප්තැම්බර් මස 5 සහ 6 යන දෙදිනි ටොරින්ටන් පෙදෙසේ කෘතිම හොකී කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
1997 වසරේ ජනවාරි මස 1 වැනිදාට පසු උපන් කී‍්‍රඩකයන්ට පමණක් මෙම තෝරාගැනීමේ තරග සඳහා සහභාගී විය හැකිය.
මේ සඳහා සහභාගී වන කී‍්‍රඩකයන් තම වයස සහතික කිරීම සඳහා ජාතික හැදුනුම්පත, තැපැල් හැදුනුම්පත හෝ විදේශ ගමන් බලපත‍්‍රය සමග උප්පැන්න සහතිකය සහ එහි ඡුායා පිටපතක්ද රැගෙන ආ යුතුය.
මෙම තේරීම් තරග සඳහා සහභාගී වන කී‍්‍රඩකයන් ඒ සඳහා අවශ්‍ය කී‍්‍රඩා උපකරණ සහ ආරක්ෂක උපකරණද රැගෙන ආ යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.