නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියේ තේරීම් තරග සඳහා ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මේසපන්දු තරගාවලියේ වයස 21 න් පහළ අනුශූරයා නොකැඳවීම පිළිබඳව ශ්‍රී ලංකා මේසපන්දු සංගමයට විරෝධතාවක් එල්ල වී තිබේ.
ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වයස 21 න් පහළ වයස් කාණ්ඩයේදී ප‍්‍රබල කී‍්‍රඩකයන් ගණනාවක් පරාජය කරමින් තරගාවලියේ අවසන් මහා තරගයට තේරුණු සුපුන් වරුසවිතාන අනුශූරතාව හිමිකරගෙන තිබේ. එම අවසන් මහා තරගය ජයගෙන ඇත්තේ ප‍්‍රසාද් සිල්වා විසිනි.
පොදුරාජ්‍ය මණ්ඩලීය මේසපන්දු තරගාවලියේ තේරීම් තරග සඳහා සුපුන් වරුසවිතාන නොකැඳවීම පිළිබඳව ජාතික මේසපන්දු සංචිතයේ හිටපු පුහුණුකරුවකු වන එන්.එච්. පෙරේරා මහතාද ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමයට විරෝධය පළ කර සිටි බවද වාර්තා වේ. ඒ දක්ෂතා අතර සිටින කී‍්‍රඩකයකුුට අවස්ථාව ලබා නොදීම පිළිබඳව චෝදනා කරමිනි.
මේසපන්දු සංගමය ප‍්‍රකාශකර ඇත්තේ අදාළ තේරීම් පරීක්ෂණය සඳහා කැඳවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා සැලකිල්ලට ගැනීමේදී ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මේසපන්දු තරගාවලිය සැලකිල්ලට නොගත් බවකි. එවැනි මුල්පෙලේ තරගාවලියක කී‍්‍රඩක දක්ෂතා සැලකිල්ලට නොගැනීම වරදක් බවද හිටපු පුහුණුකරු පෙරේරා මහතා පෙන්වා දී තිබේ.
එන්.එච්. පෙරේරා මහතා පවසන්නේ මෙම තේරීම් තරග කැඳවීමටත් කළින් අදාළ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු හා පුහුණුකරු නම්කිරීමට මේසපන්දු සංගමය උනන්දු වී සිටීම විමතියට කරුණක් බවයි.
ඩිල්මිණි ඩිරෙක්ස් මහත්මිය මෙම සංචාරයේ කළමනාකාරිණිය ලෙසත් ඩබ්. ඒ. බුද්ධසිරි මහතා පුහුණුකරු ලෙසත් නවදිල්ලි සංචාරයට නම්කර තිබේ.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.