Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අන්තර් සමාගම් දැල්පන්දු තරග ඔක් : 17

අන්තර් සමාගම් දැල්පන්දු තරග ඔක් : 17

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාගම් දැල්පන්දු තරගාවලිය ඔක්තෝබර් මස 17 වැනිදා කොළඹ ශාන්ත  ජෝශප් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. තරගාවලිය I සහ II වශයෙන් කාණ්ඩ දෙකකින් සමන්විත වෙයි.
කාණ්ඩයකට කාන්තා කණ්ඩායම් 12 බැගින් මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 24 කට සහභාගී වීමේ අවස්ථාව තිබේ.


පසුගිය වසරේදී මෙන්ම ඊට මිශ‍්‍ර තරගාවලියක්ද එක් කිරීමට සංවිධායකයන් කටයුතු සූදානම් කර තිබේ. මිශ‍්‍ර තරගාවලිය කණ්ඩායම් 8 කට සීමාවේ.


ඉකුත් වසරේ පැවැති තරගාවලියේ I කොටසේ ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් වූ අතර නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු කණ්ඩායමට එහි අනු ශූරතාවය හිමිවිය.


එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම එවර තරගාවලියේ II කොටසේ ශූරතාවට දිනාගත් අතර සිටිසන් ඩිවෙලොප්මන්ට් කණ්ඩායම එහි අනු ශූරතාවට හිමිකම් කීවේය.


මෙවර තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0777 260834 දුරකථන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.

 

-036

 


අදහස් (0)

අන්තර් සමාගම් දැල්පන්දු තරග ඔක් : 17

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.