Last Update  :  2025-06-30 21:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner ඉෂාන් කුඩා ඔයදී අණසක පතුරයි

ඉෂාන් කුඩා ඔයදී අණසක පතුරයි

Nisanka Sandeepani - 2017 ජුලි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධාවන පථය පුරා සිය අණසක පතුරවමින් ‘කමාන්ඩෝ සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ඉෂාන් දසානායක සමත් විය. මෙම තරගාවලිය ඉකුත් ඉරිදා ඌව කුඩා ඔය ඌව, කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්විණ. 

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව්වේ අදියර දෙකම ඉතා පහසුවෙන් ජයගනිමින් ඉෂාන් තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා බවට පත්විය. 

එම අදියර දෙකේදීම ආරම්භයේ සිටම පෙරමුණ ගත් ඉෂාන්, අදියර දෙක නිමාවන තෙක්ම අන් කිසිදු තරගකරුවකුට තමා පසුකර යෑමට ඉඩ නොදීමට තරම් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය. 

අදියර දෙකේදීම සෙසු තරගකරුවන් සමග මීටර 100 ක පමණ පරතරයක් තබා ගනිමින් තරගය නිමා කිරීමට ඔහු සමත් වීම කැපී පෙනෙන සිදුවීමක් විය.  

එහිදී පළමු අදියරේ තෙවැනි ස්ථානය සහ දෙවැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට අදියර දෙක පුරාම ඉෂාන් පසුපස හඹාගිය ඉවෝන් බී. ගුරුසිංහ සමත් වූ අතර පළමු අදියරේ දෙවැනි ස්ථානය බුද්ධික කසුන්ටද, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානය ගයාන් සඳරුවන්ටද හිමිවිය. 

කෙසේ වුවත් එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය අතරතුර ධාවන පථය මත ඇද වැටීම නිසා ඉෂාන්ට එහි දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය. එහිදී ඔහු සමග කරට කර තරගයක නිරත වූ බුද්ධික සිල්වා, ඉෂාන්ගේ ඇද වැටීමෙන් අනතුරුව එම තරගයෙන් පහසු ජයක් ලැබීය. 

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 සිට 250 දක්වා) ස්ට්‍රීට් ට්‍රේල් යතුරුපැදි තරගයේ අදියර දෙකම ජයගනිමින් යතුරුපැදි අංශයේ ද්විත්ව ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඉවෝන් බී. ගුරුසිංහ සමත් විය. 

ඔහුට හොඳ තරගයක් දුන් ළහිරු ජීවන්ත පළමු අදියරේ දෙවැනි ස්ථානයටත්, දෙවැනි අදියරේ තෙවැනි ස්ථානයටත් පත් විය. 

ඉමාල් මංචනාක සමග කළ කරට කර සටනකින් පසුව එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 සිට සි. ධා. 750 දක්වා) සුපර් මෝටාඞ් ඉසව්වේ වැඩි ගෞරව දිනාගැනීමට දේෂාන් සොලංකි සමත් විය. එම ඉසව්වද අදියර දෙකකින් සමන්විත වූ අතර ඉන් පළමු අදියර ජයගත් දේෂාන්, දෙවැනි අදියර නිමා කළේ දෙවැනියා ලෙසිනි. 

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ) තරගය ජයගැනීමට ගඟන ප්‍රනාන්දු සමත් වූ අතර එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) තරගය ජයගැනීමට විනුෂ්ක සිල්වා සමත් විය. 

වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන දිනාගැනීමට මිනුක රත්නායක සහ රිවිනු රත්නායක නිවුන් සොහොයුරෝ සමත් වූහ. 

ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය සමග එක්ව 2 වැනි වරටත් සංවිධානය කළ මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කළේය. 

යතුරුපැදි තරග ප්‍රතිඵල 

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 මිනුක රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50) 
2 රිවිනු රත්නායක (යමහා පී. ඩබ්ලිව්. 50) 
3 ඇසල මදනායක (යමහා පී. ඩබ්ලිව්. 50) 

ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 13 න් පහළ) 
1 ගඟන ප්‍රනාන්දු (හස්ක්වර්නා 85) 
2 දේමිත් ජයවර්ධන (කේ. ටී. එම්. 85) 
3 තාරුක රුමීෂ (හොණ්ඩා සී. ආර්. එෆ්. 85) 

ජේ. කාණ්ඩයේ (සි. ධා. 150 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 16 න් පහළ) 
1 විනුෂ්ක සිල්වා (හොණ්ඩා. සී. ආර්. එෆ්. 150)
2 භානුක රත්නායක (කවසාකි කේ. එක්ස්. 150) 
3 තාරුක රුමීෂ (හොණ්ඩා සී. ආර්. එෆ්. 85) 

එම්. කාණ්ඩයේ සාමන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 125 දක්වා) යතුරුපැදි (ස්ට්‍රීට් ට්‍රේල්) 
1 එම්. එන්. පෙරේරා (කේ. ටී. එම්. 125) 
2 අෂේන් ශෙහාර (කේ. ටී. එම්. 125)  
3 ඒ. ජයම්පති (කේ. ටී. එම්. 125)  

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (සන්නද්ධ සේවා) 
1 බුද්ධික කසුන් (යමහා වයි. ඉසෙඞ්. 125) 
2 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125) 
3 ඉන්දික බස්නායක (යමහා වයි. ඉසෙඞ්. 125) 

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි 
1 බුද්ධික කසුන් (යමහා වයි. ඉසෙඞ්. 125) 
2 ඉෂාන් දසනායක (යමහා වයි. ඉසෙඞ්. 125) 
3 ළහිරු ජීවන්ත (යමහා වයි. ඉසෙඞ්. 125) 

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි පළමු තරගය
1 දේෂාන් සොලංකි (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
2 උදික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාර්ක් ඩී. ටී. එම්. 250)
3 චමින්ද ද සිල්වා (හොණ්ඩා සී. ආර්. එෆ්. 250) 

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට 750 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි දෙවැනි තරගය 
1 ඉමාල් මංචනායක (හොණ්ඩා සී. ආර්. එෆ්. 250) 
2 දේෂාන් සොලංකි (කවසාකි කේ. එක්ස්. එෆ්. 250)
3 උදික ශ්‍රීමාල් මලවිගේ (ඩිමාර්ක් ඩී. ටී. එම්. 250)

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ට්‍රීට් ට්‍රේල්
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
2 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
3 මධුර පීරිස් (යමහා ඩබ්ලිව්. ආර්. 250) 

‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ට්‍රීට් ට්‍රේල්
1 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 
2 ශානුක සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. එක්ස්. 250) 
3 ළහිරු ජීවන්ත (යමහා ඩබ්ලිව්. ආර්. එෆ්. 250) 

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ඉෂාන් දසනායක (යමහා ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)  
2 බුද්ධික කසුන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. 250) 
3 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)

එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ඉෂාන් දසනායක (යමහා ටී. වී. එස්. ආර්. ටී. ආර්. 250)  
2 ඉවෝන් බී. ගුරුසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 250)
3 ගයාන් සඳරුවන් (හොණ්ඩා. සී. ආර්. එෆ්. ආර්. 250) 

ඉෂාන් දසනායක

ඉවෝන් බී. ගුරුසිංහ

ගයාන් සඳරුවන් 

 

බුද්ධික කසුන් 

දේෂාන් සොලංකි

ඡායාරූප - ශානුක අරවින්ද 

 


අදහස් (0)

ඉෂාන් කුඩා ඔයදී අණසක පතුරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.