Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම වසරේ (2023) ෆෝමියුලා-I තරග මාලාවේ 23 වැනි අදියර මෙන්ම අවසන් ගෝන් ප්‍රී තරගයද වන අබුඩාබි ගෝන් ප්‍රී තරගය හෙට (26 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 ට කිලෝ මීටර් 5.281 ක දුරකින් සමන්විත යාස් මරීනා ධාවන පථයේදී පැවැත්වේ. මෙම තරගය වට 58 කින් සමන්විත වේ.
හෙට පැවැත්වෙන තරගයට පෙර ඊට සහභාගි වන ක්‍රීඩකයන් සඳහා ඊයේ (24 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට සහ 6.30 ට පුහුණු අදියර දෙකක් පැවැත්විණි. තෙවැනි පුහුණු අදියර අද (25 වැනිදා) පස්වරු 4.00 ට පැවැත්වෙන පැවැති අතර සුදුසුකම් ලබාගැනීමේ අදියර (තරග ආරම්භක ස්ථාන සඳහා පැවැත්වෙන කාල ගණනය) අද පස්වරු 7.30 ට පැවැත්වීමට නියමිතය.
තරග මාලාවේ මුල් ගෝන් ප්‍රී තරග 22 අවසානයේ රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපෙන් ලකුණු 549 ක් ලබා ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිහිරීම්හි පෙරමුණ ගෙන සිටියි. ඔහුගේ කණ්ඩායම් සගයා වන සර්ගියෝ පෙරේස් ලකුණු 273 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් ලකුණු 232 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවෙති.
ඒ අනුව හෙට පැවැත්වෙන අබුඩාබි ගෝන් ප්‍රී තරගය අන්තිමයා ලෙස නිමා කළද, නැතහොත් නිමා කිරීමට නොහැකි වුවද, මෙම වසරේ ෆෝමියුලා-1 ලෝක ශූරයා ලෙස වර්සටපන් සම්මාන දිනාගනු ඇත. ඒ මෙතෙක් පැවැති ගොන් ප්‍රී තරග 22 න් 18 ක්ම ජය ගෙන සිටින ඔහු, දෙවැනියාට සහ තෙවැනියාට වඩා ලකුණු 250 කට වැඩි පරතරයක් රඳවාගෙන සිටින බැවිනි.
වර්ස්ටපන් සහ පෙරේස් නියෝජනය කරන රෙඞ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායම මේ වන විට ලකුණු 822 ක් ලබා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙන සිටියි. හැමිල්ටන් සහ ජෝජ් රසල් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 392 ක් සමග එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර කාර්ලෝස් සේන්ස් සහ චාල්ස් ලැක්ලර්ක් නියෝජන කරන ෆෙරාරි කණ්ඩායම ලකුණු 388 ක් සමග තෙවැනි ස්ථානයේ රැදී සිටියි.
ඉකුත් සති අන්තයේ ඇමරිකාවේ ලාස් වේගාස් ධාවන පථයේදී පැවැති ගෝන් ප්‍රී තරගය ජය ගැනීමට වර්ස්ටපෙන් සමත් වූයේ පැය 1 යි, විනාඩි 29 යි, තත්පර 08.289 ක කාලයක් වාර්තා කරමිනි. එහිදී ඔහුට වඩා තත්පර 2.07 ක් පසුපසින් තරගය නිමා කළ ලැක්ලර්ක් එහි දෙවැනි ස්ථානයටත්, තත්පර 2.241 ක් පසුපසින් තරගය නිමා කළ පෙරේස් තෙවැනි ස්ථානයටත් පත්වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.