Last Update  :  About Contact
IMG-LOGO

Live Updates

සාරංගි දුර පැනීමෙන් 13 වැනි තැනට

- 2022 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


01:35 AM

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ එහි 10 වැනි ස්ථානයට පත් විය. පළමු උත්සාහ‍යේදී මීටර් 69.22 ක දුරක් හෙල්ල විසිකළ සුමේධ, දෙවැනි සහ ‍තෙවැනි උත්සාහන්වලදී හෙල්ල විසිකළ දුර ලෙස සටහන් වූයේ පිළිවෙලින් මීටර් 70.77 ක් සහ මීටර් 70.45 කි. පළමු උත්සාහන් 3 තුළදී මුල් ක්‍රීඩකයන් 8 දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට සෙසු උත්සාහයන් 3 අහිමි විය.
හෙල්ල විසිකිරීමෙන් සුමේධට 10 වැනි තැන

01:29 AM

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීම කාන්තා ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා එහි 13 වැනි ස්ථානයට පත් වූවාය. එහිදී ඇගේ පළමු උත්සාහය අසාර්ථක වූ අතර දෙවැනි සහ ‍තෙවැනි උත්සාහයන්වලදී ඇයට පැනිය හැකි වූ‍ දුර ලෙස සටහන් වූයේ පිළිවෙලින් මීටර් 6 ක් සහ මීටර් 6.07 කි. පළමු උත්සාහන් 3 තුළදී මුල් ක්‍රීඩිකාවන් 8 දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වීම හේතුවෙන් සාරංගිට සෙසු උත්සාහයන් 3 අහිමි විය.
සාරංගි දුර පැනීමේ 13 වැනි තැනට

01:23 AM

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. ඉන්දියාවට එරෙහිව ඊයේ (7 වැනිදා) රාත්‍රියේ පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ එම පදක්කමට හිමිකම් කීහ. ඉන්දියාවට එහි රිදී පදක්කම හිමිවූ අතර එංගලන්තය පරාජය කළ නවසීලන්තය ලෝකඩ පදක්කමට හිමිකම කීවේය.
ක්‍රිකට් රන් පදක්කම ඕස්ට්‍රේලියාවට

07:43 PM

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දුර පැනීම කාන්තා ඉසව්වට සහභාගිවන ශ්‍රී ලංකා‍වේ සුරංගි සිල්වා ශ්‍රී ලංකා වේලාවෙන් අද (7 වැනිදා) රාත්‍රී 11.35 ට තරග බිමට පිවිසීමට නියමිතය. 

07:42 PM

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වට සහභාගිවන ශ්‍රී ලංකා‍වේ සුමේධ රණසිංහ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (8 වැනිදා) අළුයම 00.10 ට තරග බිමට පිවිසීමට නියමිතය. 

03:38 PM

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ නමවැනි දිනය (6 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 59 ක් දිනාගනිමින් ජයග්‍රහණයට ලඟාවීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියේය. පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයේ පසුවූ එංගලන්තය දිනා සිටි පදක්කම් සංඛ්‍යාව 50 කි. 

ඕස්ට්‍රේලියාව ජයග්‍රහණයට ලඟා වෙයි

03:09 PM

බැඩ්මින්ටන් මිිශ්‍ර යුගල ඉසව්වේ ඊයේ (6 වැනිදා) රාත්‍රියේ පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී එංගලන්තයේ මාකස් එලිස් සහ ලෝරන් ස්මිත් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සචින් ඩයස්ට සහ තිළිණි හෙන්දහේවාට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ. එහිදී පළමු වටය ලකුණු 21/12 ක් ලෙස පරාජය වූ සචින් සහ තිඵිණි, දෙවැනි වටය පරාජය වූයේ ලකුණු 21/19 ක් ලෙසිනි. 

03:06 PM

බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ ඊයේ (6 වැනිදා) රාත්‍රියේ පැවැති අවසන් පූර්ව වටයේ තරගයකදී මැලේසියාවේ පෙන්ග් චෑන් හ කියාන් ටෑන් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සචින් ඩයස්ට සහ බුවනෙක ගුණතිලකට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූහ. එහිදී පළමු වටය ලකුණු 21/16 ක් ලෙස පරාජය වූ සචින් සහ බුවනෙක, දෙවැනි වටය පරාජය වූයේ ලකුණු 21/12 ක් ලෙසිනි.

06:50 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වන අද (අගෝස්තු 6 වැනිදා) එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 4 කින් පරාජය කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ. ඉන්දීය කණ්ඩායම සිය ඕවර 20 දී කඩුලු 5 ට ලකුණු 164 ක් ලබාගත්තේය. එංගලන්තයට ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 ක් පමණි.
මන්දනා ඉන්දියාව දිනවයි

05:18 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම, සිය ඕවර 20 නිමාවේදී, එංගලන්තයට එරෙහිව කඩුලු 5 ක් දැවී ලකුණු 164 ක් ලබාගත්හ. පන්දු 32 කින් 8 ක් හතරේ සීමාවටත්, තවත් තුනක් ඊට ඉහළිනුත් යවමින් ලකුණු 61 ක් ලබාගත් ස්ම්‍රිති මන්දනා ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත්තාය.
 

03:59 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය වන අද (අගෝස්තු 6 වැනිදා) රන් පදක්කම් 33 ක් දිනාගැනීමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තිබේ. ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය වූ සිකුරාදා තරග අවසන් වන විට රන් පදක්කම් 50 ක් දිනාගෙන සිටි ඕස්ටේ්‍රලියාව පදක්කම් පුවරුවේ පෙරමුණ ගෙන සිටියේය.

03:19 PM

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ නමවැනි දිනය (5 වැනිදා) නිමාවට පත්වන විට පදක්කම් සටහනේ පෙරමුණ සඳහා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර තියුණු සටනක් නිර්මාණය වී තිබිණ. ඕස්ට්‍රේලියාව රන් පදක්කම් 50 ක් සමග පදක්කම් සටහනේ පෙරමුණේ පසුවූ අතර එංගලන්තය රන් පදක්කම් 47 ක් සමග ‍එහි දෙවැනි ස්ථානයේ පසුවිය.
ඕස්ට්‍රේලියාව - එංගලන්තය තියුණු සටනක

03:22 AM

කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක විනාඩි 10:00.34 ක කාලයක් වාර්තා කරමින් ක්‍රීඩිකාවන් 8 දෙනකු අතරින් එම ඉසව්වේ 7 වැනි ස්ථානයට පත් වූවාය. කෙසේ වුවත් මෙම ඉසව්වේදී ඇගේ හොඳම කාලය ලෙස සටහන් වී තිබුණේ විනාඩි 9:40.24 කි.
නිලානි බාධක දිවීමේ 7 වැනි තැනට

03:18 AM

පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ එහිදී තත්ත්පර 47.00 ක කාලයක් වාර්තා කරමින් ක්‍රීඩකයන් 24 දෙනකු අතරින් 16 වැනි ස්ථානයට පත් විය. කෙසේ වුවත් අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ ක්‍රීඩකයන් 8 දෙනෙක් පමණක් වීම හේතුවෙන් කාලිංගට එම අවස්ථාව අහිමි විය.
කාලිංග අවසන් වටයෙන් ඉවතට

03:14 AM

වෙරළ වොලිබෝල් කාන්තා ඉසව්වේ ඊයේ (5 වැනිදා) පැවැති තරගයකදී කැනඩාව හමුවේ වට 2-0 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. එහිදී පළමු වටය ලකුණු 21/09 ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහ, දෙවැනි වටය පරාජය වූයේ ලකුණු 21/11 ක් ලෙසිනි.
කාන්තා වෙරළ වොලිබෝල් පිලේ ගමන නවතී

01:48 AM

බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ (16 දෙනාගේ) තරගයකදී දකුණු අප්‍රිකාවේ රොබට් සමර්ස්ට සහ ජොහනිටා ‍ස්චොල්ට්ස්ට එරෙහිව වට 2-0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. එහිදී පළමු වටය ලකුණු 21/18 ක් ලෙස ජයගත් සචින් සහ තිළිණි, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/08 ක් ලෙසිනි.

සචින් - තිළිණි අර්ධ අවසන් පූර්ව වටයට

01:45 AM

බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ (16  දෙනාගේ) තරගයකදී සිංගප්පූරුවේ ‍ජියා හෙං තේ හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය. එහිදී පළමු වටය ලකුණු 21/13 ක් ලෙස පරාජය වූ නිලූක, දෙවැනි වටය පරාජය වූයේ ලකුණු 22/11 ක් ලෙසිනි.

නිලූකගේ ගමන 16 න් නවතී

01:44 AM

බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ (16 දෙනාගේ) තරගයකදී මාලදිවයිනේ අහමඩ් නිබාල්ට සහ අජ්ෆාන් රෂීඩ්ට එරෙහිව වට 2-0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. එහිදී පළමු වටය ලකුණු 21/12 ක් ලෙස ජයගත් සචින් සහ බුවනෙක, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/08 ක් ලෙසිනි.

සචින් - බුවනෙක අවසන් යුගල 8 අතරට

10:00 PM මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕසට්‍රේලියාවේ අයන් සයිමන්ඩ්ස්ට එරෙහිව ලකුණු 10-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය. මෙය ශ්‍රී ලංකාවට හිමිවූ‍ සිවුවැනි පදක්කම මෙන්ම තෙවැනි ලෝකඩ පදක්කමය.

නෙත්මි‍ ලෝකඩ පදක්කමක් දිනයි

08:18 PM

බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ (16  දෙනාගේ) තරගයකදී ඉන්දියාවේ ශ්‍රීකාන්ත් කිඩම්බි හමුවේ වට 2-0 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුමිඳු අබේවික්‍රමට එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය. එහිදී පළමු වටය ලකුණු 21/09 ක් ලෙස පරාජය වූ දුමිඳු, දෙවැනි වටය පරාජය වූයේ ලකුණු 22/12 ක් ලෙසිනි.

08:17 PM

මල්ලවපොර පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 86 බර පංතිය යටතේ අද (5 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී කැනඩාවේ ඇලෙක්සැන්ඩර් මූර් හමුවේ ලකුණු 10-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සුරේෂ් ප්‍රනාන්දුට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

08:02 PM

මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ අද (5 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයකදී ඉන්දියාවේ අනූෂා මලික් හමුවේ ලකුණු 10-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය.

08:00 PM

මල්ලවපොර කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 62 බර පංතිය යටතේ අද (5 වැනිදා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයකදී නයිජීරියාවේ එස්තර් ඔමොලයා හමුවේ ලකුණු 10-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සචිනි වීරදූව‍ගේට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි වූවාය.

06:13 PM

දුර පැනීම කාන්තා ඉසව්වේ අද (5 වැනිදා) පැවැති මූලික වටයේදී මීටර් 6.42 ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා සමත් වූවාය. මූලික වටයට සහභාගි වූ තරගකාරියන් 18 දෙනා අතරින් ඇයට හිමිවූයේ 10 වැනි ස්ථානයයි.

සාරංගි අවසන් තරගයට පනී

06:11 PM

වෙරළ වොලිබෝල් පිරිමි ඉසව්වේ අද (5 වැනිදා) පැවැති තරගයකදී ඕස්ට්‍රේලියාව හමුවේ වට 2-1 ක පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. එහිදී පළමු වටය ලකුණු 21/16 ක් ලෙස ජයගත් ශ්‍රී ලංකාවේ මලින්ත යාපා සහ අෂේන් රෂ්මික, දෙවැනි වටය ලකුණු 21/16 ක් ලෙසත්, තෙවැනි වටය ලකුණු 15/09 ක් ලෙසත් පරාජයට පත්වූහ.

වෙරළ වොලිබෝල් පිල සටනක් දී පරදී

06:08 PM

ස්කොෂ් පිරිමි යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ (16  දෙනාගේ) තරගයකදී ඕස්ට්‍රේලියාවේ කැමරන් පිලේට සහ රේස් ඩවුන්ලිට එරෙහිව වට 2-0 ක පරාජයක් ලැබීම හේතුවෙන් එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරිට සහ ශමිල් වකීල්ට නොහැකි වූහ.

04:46 PM

කාන්තා මීටර් 1500 ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න එහිදී විනාඩි 4:19.97 ක කාලයක් වාර්තා කරමින් මූලික වටයේ 13 වැනි ස්ථානයට පත් වූවාය. කෙසෛ් වුවත් අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ ක්‍රීඩිකාවන් 12 දෙනෙක් පමණක් වීම හේතුවෙන් ගයන්තිකාට එම අවස්ථාව අහිමිවූවාය.

ගයන්තිකාට අවසන් තරගය නූලෙන් මඟ හැරෙයි

11:51 AM

බර ඉසිලීමේ පිරිමි ඉසව්වකින් ‍ලෝකඩ පදක්කමක්, මීටර් 100 පිරිමි ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් සහ පැරා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාව, හත්වැනි දිනය අවසානයේ පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ 25 වැනි ස්ථානයේ පසුවේ. පාලිත බණ්ඩාර ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත් අතර ඩිලංක ඉසුරු කුමාර සහ යුපුන් ‍අබේ‍‍කෝන් ලෝකඩ පදක්කම් දිනාගත්හ.

ශ්‍රී ලංකාව 25 වැනි ස්ථානයේ

10:55 AM

වෙරළ වොලිබෝල් කාන්තා ඉසව්වේ ඊයේ (4 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයකදී ට්‍රිනිඩෑන් සහ ටොබේගෝ දූපතට එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කරමින් එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහ සමත් වූහ. එහිදී ලකුණු 21/14 ක් ලෙස පළමු වටය ජයගත් දීපිකා සහ චතුරිකා දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/13 ක් ලෙසිනි.

කාන්තා වෙරළ වොලිබෝල් පිලත් අවසන් පූර්ව වටයට

12:37 AM

වෙරළ වොලිබෝල් පිරිමි ඉසව්වේ ඊයේ (4 වැනිදා) රාත්‍රියේ පැවැති තරගයකදී ශාන්ත ‍කිට්ස් සහ නෙවීස් දූපතට එරෙහිව  වට 2-0 ක ජයක් වාර්තා කරමින් එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ මලින්ත යාපා සහ අෂේන් රෂ්මික සමත් වූහ. එහිදී ලකුණු 21/11 ක් ලෙස පළමු වටය ජයගත් මලින්ත සහ අෂේන් දෙවැනි වටය ජයගත්තේද ලකුණු 21/11 ක් ලෙසිනි.

වෙරළ වොලිබෝල් පිල අවසන් පූර්ව වටයට

12:23 AM බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ මූලික වටයේ (32 දෙනාගේ) තරගයකදී බාර්බඩෝස්හි මාර්ටෙන් කෙනීට සහ මයිකල් මාටින්ට එරෙහිව වට 2-0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගත්හ. එහිදී පළමු වටය ලකුණු 21/12 ක් ලෙස ජයගත් සචින් සහ බුවනෙක, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/09 ක් ලෙසිනි.

සචින් - බුවනෙක පිරිමි යුගල අවසන් 16 ට

11:44 PM

බොක්සිං පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 54 බැන්ටම් බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගයානාවේ ඒබ්‍රහම් මෙන්සා හමුවේ විනිසුරු තීරණ 3-1 ක් ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ රුක්මාල් ප්‍රසන්නට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩකයන් සිවුදෙනාටම පදක්කම් හිමිවන බැවින් මෙහිදී රුක්මාල්ට පදක්කමක් අහිමි වූයේ පෙනි පෙනීය.

රුක්මාල් පදක්කමක් පෙනි පෙනී නවතී

10:48 PM

බැඩ්මින්ටන් මිශ්‍ර යුගල ඉසව්වේ දෙවැනි වටයේ (32 දෙනාගේ) තරගයකදී කැනඩාවේ ටයි ලින්ඩෙමන්ට සහ ජොසපින් වූට එරෙහිව වට 2-0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ තිළිණි හෙන්ඳහේවා එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගත්හ. එහිදී පළමු වටය ලකුණු 21/11 ක් ලෙස ජයගත් සචින් සහ තිළණ, තියුණු සටනකින් පසුව දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/18 ක් ලෙසිනි.

සචින් - තිළිණි අවසන් යුගල 16 අතරට

10:00 PM

බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ දෙවැනි වටයේ (32 දෙනාගේ) තරගයකදී මෝල්ටාවේ සැමුවෙල් කැසර්ට එරෙහිව වට 2-0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාවේ දුමිඳු අබේවික්‍රම එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගත්තේය. එහිදී පළමු වටය ලකුණු 21/12 ක් ලෙස ජයගත් දුමිඳු, ඉතා තියුණු සටනකින් පසුව දෙවැනි වටය ජයගත්තේ ලකුණු 22/20 ක් ලෙසිනි.

දුමිඳුත් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

09:34 PM

රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ සුදුසුකම් ලැබීමේ අදියරේදී ලකුණු 90.550 ක් ලබාගනිමින් ඊට සහභාගි වූ ක්‍රීඩිකාවන් 29 දෙනා අතරින් 22 වැනියා බවට පත්වීම හේතුවෙන් එම ඉසව්වේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි අසමත් වූවාය.

ඇනා මේරි 22 වැනි ස්ථානයට

06:43 PM

ස්කොෂ් පිරිමි යුගල ඉසව්වේ මූලික වටයේ (32 දෙදෙනාගේ) තරගයකදී ගයානාවේ ෂොමාරි විලිට්ෂියර්ට සහ ජේසන් ඛලීල්ට එරෙහිව වට 2-0 ක ජයක් ලබමින් එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් සමත් වූහ.

රවිඳු - ශමිල් අවසන් යුගල 16 අතරට

06:38 PM

බොක්සිං කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 ෆෙදර් බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී දකුණු අප්‍රිකාවේ බුසිසිවේ මන්ගුනි හමුවේ පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංජීවනී කුරේට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. එහිදී දෙවැනි වටය අවසානයේ විනිසුරුවරයා තරගය නතර කළේය.

06:28 PM

ස්කොෂ් කාන්තා යුගල ඉසව්වේ මූලික වටයේ (32 දෙදෙනාගේ) තරගයකදී ඉන්දියාවේ සාරා සුනේනා සහ අනාහත් සිං හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ යෙහෙනි කුරුප්පුට සහ චිනෙත්මා සිනාලිට එම ඉසව්වෙන් ඉවත් වීමට සිදුවූහ.

06:18 PM

බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වේ දෙවැනි වටයේ (32 දෙනාගේ) තරගයකදී බාර්බඩෝස්හි මිචෙල් මාටින්ට එරෙහිව වට 2-0 ක ජයක් ලැබූ ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්න එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගත්තේය. එහිදී පළමු වටය ලකුණු 21/06 ක් ලෙස ජයගත් නිලූක, දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/05 ක් ලෙසිනි.

නිලූක අවසන් 16 දෙනා අතරට

06:12 PM

බැඩ්මින්ටන් කාන්තා කේවල ඉසව්වේ දෙවැනි වටයේ (32 දෙදෙනාගේ) තරගයකදී එංගලන්තයේ ෆ්‍රෙයා රෙඩ් ෆෙරන් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සුහස්නි විදානගේට එම ඉසව්වෙන් ඉවත් වීමට සිදුවූවාය. එහිදී පළමු වටය ලකුණු 21/11 ක් ලෙස පරාජයට පත්වූ සුහස්නි, දෙවැනි වටය පරාජයට පත්වූයේ ලකුණු 21/14 ක් ලෙසිනි.

06:05 PM

කාන්තා විස්සයි-20 ක්‍රිකට් ඉසව්වේ මූලික වට‍ය යටතේ අද (4 වැනිදා) පැවැති තරගයේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රි ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 10 ක දැවැන්ත පරාජයක් ලැබූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 47 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ඕවර 6.1 ක් අවසාන‍ය‍ේ කිසිවකු නොදැවී පහසුවෙන්ම එම ඉලක්කය පසුකර ගියහ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දැවැත්ත පරාජයක් ලබති

04:05 PM

රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ සුදුසුකම් ලැබීමේ අදියරේදී ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි ශ්‍රී ලංකා වේලාවෙන් අද (4 වැනිදා) පස්වරු 4.30 ට තරග බිමට පිවිසීමට නියමිතය.
 

03:22 PM

කාන්තා විස්සයි-20 ක්‍රිකට් ඉසව්වේ මූලික වට‍ය යටතේ ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර අද (4 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි. මෙම තරග‍යේ තීරණය කුමක් වුවද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම සඳහා අවස්ථාවක් නොමැත.

10:31 AM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර (පිරිමි) කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. විශේෂ අවශ්‍යතා සහිත ක්‍රීඩකයකු වන පාලිත බණ්ඩාර එෆ්-42 /61-64) කාණ්ඩයෙන් තරග වදිමින් මෙම පදක්කම දිනාගත්තේය.
පාලිතගේ පදක්කමත් සමගින්, ලෝකඩ 2 ක් සහ රිදී පදක්කමක් ලෙස,  ශ්‍රී ලංකාවේ පදක්කම් සංඛ්‍යාව 3 ක් බවට පත්ව තිබේ. 30 හැවිරිදි ක්‍රීඩකයකු වන පාලිත බණ්ඩාරගේ කවපෙත්ත විසිකිරීම මීටර 44.20 ක් ලෙසින් සටහන් වේ. 

 

02:13 AM

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වූ යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ඉසව්වේදී ලෝකඩ පදක්කමක් දිනාගත්තේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (04 වැනිදා) අලුයම 2.00 ට පැවැති අවසන් තරගයේදී තත්ත්පර 10.14 කින් මීටර 100 ඉසවව අවසන් කළ යුපුන් මෙවර පොදුරාජ්‍ය ක්‍රීඩා උළෙලේ දෙවැනි පදක්කම ශ්‍රී ලංකාවට දිනා දුන්නේය.

දෙවැනි ලෝකඩ පදක්කම යුපුන්ගෙන්
 

12:15 AM

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ඉහළම බලාපොරොත්තුව වන යුපුන් අබේකෝන් මීටර 100 පිරිමි ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්තේය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේදී පැවැති අවසන් පූර්ව තරගයේදී තත්ත්පර 10.20 කින් මීටර 100 ඉසවව අවසන් කළ යුපුන්, හොඳම කාලය වාර්තා කළ ක්‍රීඩකයන් 8 දෙනා අතරට එක්වෙමින්, මීටර 100 ඉසව්වේ  අවසන් වටයට පැමිණියේය.  

යුපුන් අවසන් වටයට

09:18 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා තිමාලි හපුතැන්න කිලෝ ග්‍රෑම් 87 ඉසව්වේදී 8 වැනි ස්ථානයට පත්වූවාය. ස්නැච් ක්‍රමය අනුව කිලෝ ග්‍රෑම් 89 ක් එසවූ ඇය ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමය අනුව එසවූ බර කිලෝ ග්‍රෑම් 110 කි. ඇය එසවූ සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් 199 කි. තිමාලිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

08:42 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන ප්‍රධානතම ඉසව් 4 ක් අද රාත්‍රී 11.00 ත් 12.00 ත් අතර පැවැත්වේ. බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, බර එසවීමේ ක්‍රීඩක උෂාන් චාරුක සහ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඔවුන් අතර සිටිති. පැරා කවපෙත්ත විසිකිරීමේ ක්‍රීඩක පාලිත බණ්ඩාර අලුයම 1.15 ට තරග වදී.

07:35 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර 400 පිරිමි ඉසව්වට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක කාලිංග කුමාරගේ එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. පළමුවැනි මූලික තරගයට ඉදිරිපත් වූ කාලිංග එහිදී ලබාගත්තේ 4 වැනි ස්ථානය වුවත් ඔහුගේ තරග කාලය වන තත්ත්පර 46.53 අවසන් පූර්ව වටයට යාමට තරම් ඔහුට ප්‍රමාණවත් විය.

මීටර 400 පිරිමි ඉසව්වේ මූලික වට 7 ක් පැවැති අතර සෑම මූලික වටයකදීම පළමු ස්ථාන 3 ලබාගත් ක්‍රීඩකයෝ තිදෙනාත්, ඉතිරි ක්‍රීඩකයන් අතුරින් වේගවත්ම ක්‍රීඩකයෝ තිදෙනාත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. මූලික වටයේ කාල ගණනය අනුව කාලිංග කුමාරගේට 17 වැනි ස්ථානය හිමිවී තිබිණ. කාලිංග කුමාර අවසන් පූර්ව වටයට

06:49 PM

ඕස්ට්‍රේලියානු පිහිනුම් ක්‍රීඩිකා එමා මැකියොන් පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා ඉතිහාසයේදී වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩිකාව බවට පත්වූවාය. මීටර 100 X 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට රන් පදක්කම දිනා දෙමින් මැකියොන් තමාගේ 19 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම දිනාගත්තාය.

තවමත් 28 හැවිරිදි එමා මැකියොන්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුනකදී, මේ දක්වා රන් පදක්කම් 13 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනා සිටින්නීය.

වේඩි තැබීමේ ක්‍රීඩකයන් වන මයිකල් ගෝල්ට් සහ පිල් ඇඩම්ස් දෙදෙනාත්, දකුණු අප්‍රිකානු ජාතික චැඞ් ඩි’ක්ලොස් යන තිදෙනාම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් 18 ක් බැගින් දිනා සිටිති.

06:30 PM

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ ලොකුම බලාපොරොත්තුව වන යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 11.56 ට බර්මින්හැම් ධාවන පථයේදී මීටර 100 අවසන් පූර්ව වටයේදී තරග වදී.  ඔහුගේ ධාවනය දැකබලා ගැනීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් අද රාත්‍රී නිදිවරා සිටීම වටී.
මූලික වටයේදී තරග කළ ක්‍රීඩකයන් 70 දෙනකු අතුරින් හොඳම කාලය (තත්ත්පර 10.06) වාර්තා කළ යුපුන්, පහසුවෙන්ම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගත්තේය. මීටර 100 පිරිමි ඉසව්වේ අවසන් මහ තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට (04 වැනිදා) අලුයම 2.00 ට පැවැත්වෙයි.

05:33 PM

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 10,000 පිරිමි ඉසව්වේ රන් පදක්කම උගන්ඩාවේ ජේකබ් කිප්ලිමෝ විසින් දිනාගන්නා ලදි. පසුගියදා නිමාවූ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී ලෝකඩ පදක්කම හිමිකරගත් කිප්ලිමෝ විනාඩි 29. තත්ත්පර 09.19 කින් සිය ඉසව්ව නිමකරමින් නව පොදුරා්‍ය මණ්ඩලීය තරග වාර්තාවක් පිහිටුවීමටද සමත් විය.

කෙන්යානු දුර ධාවන ශූරයන් දෙදෙනකු වන ඩැනියෙල් එබින්යෝ සහ කිබිවොත් කන්දී පරාජය කරමින් කිප්ලිමෝ රන් පදක්කම දිනාගත්තේය.

“මේ රන් පදක්කම මට ගොඩාක් වටිනවා. එත් ලෝක ශූරතාවලියේදී වගේම ඔලිම්පික් තරග වලදීත් මට කරන්න තව ගොඩක් දේවල් තියෙනවා” යයි රන් පදක්කම දිනාගැනීමෙන් පසුව කිප්ලිමෝ පැවසීය.

05:07 PM

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා බොක්සිං තරගාවලියට ඉදිරිපත්ව සිටින කේෂානි හංසිකා සහ නදීකා පුෂ්පකුමාරි අද (3 වැනිදා) බොක්සිං වළල්ලට පිවිසෙති. කේෂානි කිලෝ ග්‍රෑම් 48-50 බරපන්තියෙන් තරග වදින අතර නදීකා පුෂ්පකුමාරි කිලෝ ග්‍රෑම් 45-48 බර පන්තියෙන් තරග වදී. මෙම ක්‍රීඩිකාවෝ දෙදෙනාම එක් එක් බරපන්තීන්හි අර්ධ අවසන් පූර්ව වටයේදී තරග වදිති.

01:41 AM

කාන්තා විස්සයි-20 ක්‍රිකට් ඉසව්වේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 147 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 102 ක් පමණි. එහිදී නිලක්ෂි ද සිල්වා පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 35 ක් රැස්කළාය.

01:32 AM

වෙරළ වොලිබෝල් පිරිමි ඉසව්වේ ඊයේ (2 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම වට 2-1 ක් ලෙස ගැම්බියාව හමුවේ පරාජයට පත් විය. එහිදී පළමු වටය ලකුණු 21/14 ක් ලෙස පරාජයට පත් වූ ශ්‍රී ලංකාවේ මලින්ත යාපා සහ අෂේන් රෂ්මික, දෙවැනි වටය ලකුණු 21/19 ක් ලෙස ජයගැනීමට සමත් වූහ. කෙසේ වුවත් තෙවැනි වටය ලකුණු 15/09 ක් ලෙස ජයගත් ගැම්බියාවේ සයිනි ජාවෝ සහ එම්බේ ජාරා තරග‍යේ ජය සමන් සතුකර ගත්හ.

01:28 AM

බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 71 ලයිට් මිඩ්ල් බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී සැමෝවා රාජ්‍යයේ මේරියන් ටොං හමුවේ විනිසුරු තීරණ 5-0 ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිකලස් විටාලිස්ට එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

01:27 AM

කාන්තා විස්සයි-20 ක්‍රිකට් ඉසව්වේ ශ්‍රී ලංකාවට එරෙහිව අද (2 වැනිදා) පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 20 අවසානයේ කඩුලු 7 ක්ද දැවී ලකුණු 147 ක් ලබාගත්තේය. එහිදී ඉනෝකා රණවීර ලකුණු 30 කට කඩුලු 3 ක්ද, ඕෂධී රණසිංහ ලකුණු 31 කට කඩුලු 2 ක්ද දවාගත්හ.

01:22 AM

බර ඉසිලීමේ කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 87 බර පංතිය ය‍ටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ චතුරිකා ප්‍රියන්තිට එම ඉසව්වේ 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවූවාය. එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 81 ක් එසවූ ඇය, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 111 කි.

10:02 PM

වෙරළ වොලිබෝල් ඉසව්වේදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද (2 වැනිදා) රාත්‍රී 11.30 ට ගැම්බියාවට එරෙහිවද, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හෙට (3 වැනිදා) අළුයම 1.30 ට සයිප්‍රසයට එරෙහිවද තරග බිමට පිවිසීමට සුදානමින් සිටිති.

07:58 PM

කාන්තා විස්සයි-20 ක්‍රිකට් ඉසව්වේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (2 වැනිදා) නවසීලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.30 ට ආරම්භ වීමට නියමිතය. මින් පෙර සහභාගි වූ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්තය හමුවේ කඩුලු 5 ක පරාජයක් ලැබූහ.

05:27 PM

බොක්සිං කාන්තා ඉසව්වේ කිලෝග්‍රෑම් 57 ‍‍ෆෙදර් බර පංතියේ මූලික වට අද (2 වැනිදා) පැවැති තරගයකදී පාකිස්තානයේ එම්. මෙරීන් එරෙහිව විනිසුරු තීරණ 5-0 කින් ජය ලැබූ ශ්‍රී ලංකාවේ සංජීවනී කුරේ එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තාය.

සංජීවනී අර්ධ අවසන් පූර්ව වටයට

05:18 PM

බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 54 බැන්ටම් බර පංතියේ මූලික වටයේ අද (2 වැනිදා) පැවැති තරගයකදී කෙන්යාවේ ශාෆි බකාරිට එරෙහිව විනිසුරු තීරණ 3-2 කින් ජය ලැබූ ශ්‍රී ලංකාවේ රුක්මාල් ප්‍රසන්න එම ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය

රුක්මාල් පෙර අර්ධ අවසන් පූර්ව වටයට

04:57 PM

මීටර් 800 කාන්තා ඉසව්වේ මූලික වටයේ 2 වැනි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා‍වේ ගයන්තිකා අබේරත්න, එහිදී සිය පෞද්ගලික හොඳම කාලය (විනාඩි 2:01.20) වාර්තා කළද, ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

මින් පෙර ගයන්තිකාගේ හොඳම කාලය බවට පත්ව තිබුණේ විනාඩි 2:01.44 කි. සහභාගි වූ මූලික වටයේ තරගයේදී 5 වැනි ස්ථානයට පත්වූ ඇය, මූලික වටය අවසානයේ ක්‍රීඩිකාවන් 18 දෙනෙකු අතරින් 13 වැනි ස්ථානයට පත් වූවාය.

ගයන්තිකාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

04:28 PM

මීටර් 100 පිරිමි ඉසව්‍වේ මූලික වටයේ තරග 10 ට සහභාගි වූ ක්‍රීඩකයන් 76 දෙනා අතරින් හො‍ඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වෙයි. එහිදී ක්‍රීඩකයන් 27 දෙනෙකු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූහ.

යුපුන් අවසන් පූර්ව වටයට

03:52 PM

මීටර් 100 පිරිමි ඉසව්වේ මූලික වටයේ 6 වැනි තරගයට සහභාගි වූ යුපුන් අබේකෝන් එහිදී තත්ත්පර 10.06 ක කාලයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය.

මූලික වටයේ 6 වැනි තරගය පළමු වැනියා ලෙස අවසන් කළ යුපුන්, එම තරග 6 අවසානයේ ‍හොඳම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමටද සමත් විය.

03:34 PM

ජූඩෝ පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ චාමර ධර්මවර්ධන, එම ඉසව්වේ මූලික වටයේ තරගයකදී බොට්ස්වානාවේ ටිරලෝ ලොකෝකෝ පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසියේය.

03:14 PM

ජූඩෝ පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ  රාජිත පුෂ්පකුමාර, එම ඉසව්වේ මූලික වටයේ තරගයකදී නවසීලන්තයේ එලියට් කොනොලි හමුවේ පරාජයට පත් විය.

02:55 PM

නවතම වාර්තාවලට අනුව යුපුන් අබේකෝන් තරග වදින මීටර් 100 පිරිමි මූලික වටයේ තරගය පස්වරු 3.45 ටද, ගයන්තිකා අබේරත්න තරග වදින මීටර් 800 කාන්තා මූලික තරගය වටයේ තරගය පස්වරු 4.28 ටද ආරම්භ වීමට නියමිතය.

01:51 PM

පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගි වන ශ්‍රී ලංකාවේ යෙපුන් අබේකෝන් මූලික වටයේ 6 වැනි තරගයේදී තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.10 ට ආරම්භ වීමට නියමිතය.

01:51 PM

කාන්තා මීටර් 800 ඉසව්වට සහභාගි වන ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න මූලික වටයේ 2 වැනි තරගයේදී තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.20 ට ආරම්භ වීමට නියමිතය.

12:58 PM

ජූඩෝ පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ ශ්‍රී ලංකාවේ චාමර ධර්මවර්ධන බ‌ොට්ස්වා‍නාවේ ටිරලෝ ලොකෙකෝ⁣ට එරෙහිවද, කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ ශ්‍රී ලංකාවේ රාජිත පුෂ්පකුමාර නවසීලන්තයේ එලියට් කොනොලිට එරෙහිවද අද තරග වැදීමට නියමිතය. එම තරග ශ්‍රී ලංකා වෙලාවෙන් අද පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

12:57 PM

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ සිවුවැනි දිනය (31 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 31 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. රිදී පදක්කම් 20 ක් සහ ලෝකඩ පදක්කම් 20 ක් සමග මේ වන විට ඔවුන් ලබා සිටින මුළු පදක්කම් සංඛ්‍යාව 71 කි.

ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 31 ක්

09:08 AM

බොක්සිං පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට ඊයේ (1 වැනිදා) රාත්‍රියේ සහභාගි වූ ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර එහිදී 5-0 ක් ලෙස එංගලන්තයේ කිරන් මැක්ඩොනල්ඩ් හමුවේ පරාජයට පත් විය.

09:06 AM

බොක්සිං පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 57 ෆෙදර් බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකට ඊයේ (1 වැනිදා) රාත්‍රියේ සහභාගි වූ ශ්‍රී ලංකාවේ ජීවන්ත නිස්සංක එහිදී 5-0 ක් ලෙස ගයාන‍ාවේ කෙවින් ඇලිකොක් හමුවේ පරාජයට පත් විය.

10:24 PM

අවසන් වරට 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට්හි පැවැති පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං ඉසව්වේ කිලෝ ග්‍රෑම් 52 බර පංතියේ ලෝකඩ පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ ඉෂාන් බණ්ඩාර අද (1 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය.

එංගලන්තයේ කිරන් මැක්ඩොනල්ඩ්ට එරෙහිව ඉෂාන් සහභාගි වන කිලෝ ග්‍රෑම් 51 බර පංතියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.00 ට පැවැත්වීමට නියමිතය.

09:09 PM කාන්තා ජිම්නාස්ටික් ඉසව්වේ අසමාන පෝල අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවේ මිල්කා ගෙහානි අද (1 වැනිදා) රාත්‍රියේ තරග බිමට පිවිසීමට නියමිතව තිබුණද, ඇය එම ඉසව්වට සහභාගි නොවූවායය.

06:42 PM

කාන්තා ජිම්නාස්ටික් ඉසව්වේ අසමාන පෝල අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාවේ මිල්කා ගෙහානි අද (1 වැනිදා) තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා‍ වේලාවෙන් අද රාත්‍රී 8.15 ට ආරම්භ වීමට නියමිතය.

 

06:03 PM

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහා ඉතාලියෙ සිට  බර්මින්හැම්   නුවරට   පැමිණීමට පෙර ලංකාදීපයට අදහස් දක්වූ යුපුන්  අබේකෝන් තමන් හොඳ තරගකාරී මට්ටමක සිටින බව පැවසීය.

"මම දැන් ඉතා හොඳ තරගකාරී තත්වයෙන් පසුවෙනවා. ලෝක ශූරතාවලියේදී සිදු වු අඩුපාඩු මගහරවා ගෙන  තරඟයේ මූලික වටයට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙනවා. පළමු ඉලක්කය අවසන් පුර්ව වටයට   යාම පමණයි' යයි යුපුන් අබේකෝන් පැවසිය. හෙට පස්වරු 3.10 ට යුපුන් අබේකෝන් මීටර 100 ඉසව්වේ මූලික වටයට සහභාගි වීමට නියමිතය.

පළමු ඉලක්කය අවසන් පූර්ව වටයයි

05:16 PM

බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 81 බර පංතිය ය‍ටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ චින්තන විදානගේට එම ඉසව්වේ 9 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 127 ක් එසවූ ඔහු, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 155 කි.

චින්තන විදානගේ 9 වැනියා
 

05:06 PM

ජූඩෝ කාන්තා ඉසව්වේ කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ චමිලා ඩිලානි මූලික වටයේ තරගයකදී වේල්ස‍යේ ඈන් බර්නිකල් හමුවේ ලකුණු 10-0 ක් ලෙස පරාජයට පත් විය.

05:04 PM

ජූඩෝ පිරිමි ඉසව්වේ කිලෝ ග්‍රෑම් 60 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ ප්‍රියංකර විමුක්ති මූලික වටයේ තරගයකදී ස්කොට්ලන්තයේ ඩයිලන් මුන්රෝ හමුවේ ලකුණු 10-0 ක් ලෙස පරාජයට පත් විය.

04:03 PM

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 200 පසුපස ආර ඉසව්වට ඉදිරිපත් වූ ගංගා සෙනෙවිරත්න දෙවැනි මූලික තරගයේදී 6 වැනි ස්ථානය හිමිකරගත්තාය. එහිදී ඇය තමන්ගේ හොඳම තරග කාලය වූ විනාඩි 2, තත්.26.63 ක් වාර්තා කළ නමුත් අවසන් වටයේ ස්ථානයක් හිමිකර ගැනීමට අපොහොසත් වූවාය.
මූලික වට දෙකේදී සමස්ත ප්‍රතිඵල අනුව 10 වැනි ස්ථානය දිනාගත් ගංගා අවසන් තරගය සඳහා අතිරේක ක්‍රීඩිකාවන්ගේ ලයිස්තුවට එක්වූවාය.

ගංගාට 10 වැනි ස්ථානය

02:29 PM

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය (31 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 22 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. රිදී පදක්කම් 13 ක් සහ ලෝකඩ පදක්කම් 17 ක් සමග මේ වන විට ඔවුන් ලබා සිටින මුළු පදක්කම් සංඛ්‍යාව 52 කි.

රන් පදක්කම් 22 ක් සමග ඕස්ට්‍රේලියාව පෙරමුණේ

11:39 AM

අවසන් මහ තරගයේදී ෆීජි කණ්ඩායමට එරෙහිව ලකුණු 31-07 ක ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවූයේ ඕස්ට්‍රේලියාව ලකුණු 22-12 කින් පරාජය කළ නවසීලන්තයටය.

11:37 AM

අවසන් මහ තරගයේදී ෆීජි කණ්ඩායමට එරෙහිව ලකුණු 22-12 ක ජයක් වාර්තා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේය. එම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිවූයේ කැනඩාව ලකුණු 19-12 කින් පරාජය කළ නවසීලන්තයටය.

10:51 AM

බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 73 බර පංතිය ය‍ටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ ඉන්දික දිසානායකට එම ඉසව්වේ සාර්ථකව අවසන් කිරීමට නොහැකි විය. එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 133 ක් එසවූ ඔහු, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට බර එසවීම සඳහා දැරූ උත්සායහන් 3 ම අසාර්ථක විය.

ඉන්දිකගේ පදක්කම් බලාපොරොත්තු බිඳ වැටෙයි

12:42 AM

ජැමෙයිකාව හමුවේ ලකුණු 26-24 ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ 14 වැනි ස්ථනයට පත්වීමට සිදුවූහ. එම තරගයේදී ජැමෙයිකාව ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුමක් සමගින් ලකුණු රැස්කළ අතර ශ්‍රී ලංකාව ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 2 ක් සමගිනි.

ශ්‍රී ලංකා රග්බි පිල 14 වැනි තැනට

12:39 AM

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම හමුවේ ලකුණු 52-00 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ අවසන් ස්ථනයට (8 වැනි) පත්වීමට සිදුවූහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කළ සෑම තරගයකදීම ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලකුණු 50 වඩා රැස්කළ අතර ඒ කිසිදු තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එක් ‍ලකුණක් හෝ ලබාගැනීමට නොහැකි වූහ.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩිකාවෝ පතුලටම වැටෙති

10:15 PM

‍විස්සයි-20 කාන්තා ක්‍රිකට් ඉසව්වේ ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (31 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ. ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 11.4 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

09:48 PM

පිරිමි 3x3 පැසිපන්දු ඉසව්වේ අද (31 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 21-08 ක ජයක් වාර්තා කිරමට කැනඩා කණ්ඩායම සමත් විය. එහිදී ශ්‍රී ලංකාව ලැබූ ලකුණු 8 න්  6 ක්ම ලබාගන්නා ලද්දේ සිම්රන් යෝගනාදන් විසිනි.

09:47 PM

වෙරළ වොලිබෝල් පිරිමි ඉසව්වේ අද (31 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම වට 2-0 ක් ලෙස කැනඩාව  හමුවේ පරාජයට පත් විය. එහිදී ශ්‍රී ලංකාවේ මලින්ත යාපා සහ අෂේන් රෂ්මික පළමු වටය ලකුණු 21/13 ක් ලෙසද, දෙවැනි වටය ලකුණු 21/12 ක් ලෙසද කැනඩාවේ ඩැනියෙල් ඩියරින් සහ සෑම් ස්චැටර් හමුවේ පරාජයට පත්වූහ.

 

09:37 PM

කාන්තා 3x3 පැසිපන්දු කාන්තා ඉසව්වේ අද (31 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 21-02 ක ජයක් වාර්තා කිරමට ඕස්ට්‍රේලියානු  කාන්තා කණ්ඩායම සමත් විය. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 2 ක් ලබාගන්නා ලද්දේ ෆාතිමා මෝසෙත් විසිනි.

09:30 PM

ජිම්නාස්ටික් කාන්තා ඉසව්වේ අද (31 වැනිදා) පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ මිල්කා ගෙහානිට තරගය අවසන් කිරීමට නොහැකි වූවාය. එහිදී තරගයට අදාල අදියර 4 න් ඇය සහභාගි වූයේ අදියර 2 කට පමණි.

09:30 PM

වෙරළ වොලිබෝල් කාන්තා ඉසව්වේ අද (31 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම වට 2-0 ක් ලෙස ඕස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත් විය. එහිදී ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ චතුරිකා වීරසිංහ පළමු වටය ලකුණු 21/10 ක් ලෙසද, දෙවැනි වටය ලකුණු 21/12 ක් ලෙසද ඕස්ට්‍රේලියාවේ මරියාෆී අටාචෝ සහ ටැලීකා ක්ලැන්සි හමුවේ පරාජයට පත්වූහ.

06:15 PM

පොදුරාජ්‍ය මණ්ඩලයීය කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරගයේදී පාකිස්තානු කාන්තා කණ්ඩායම ඕවර 18 කදී ලකුණු 99 කට දැවී ගියේය. මෙම තරගය ඕවර 18 කට සීමා වූ තරගයකි. මුනිබා අලී ලකුණු 32 ක් ලබාගත් අතර ස්නේහා රානා සහ රාධා යාදව් කඩුලු 2 ක් බැගින් දවාගත්හ.

06:09 PM

බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයේදී මැලේසියාව හමුවේ තරග 3-0 කින් පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි වෙයි. එහිදී ශ්‍රී ලංකාව මිශ්‍ර යුගල, පිරිමි කේවල සහ කාන්තා කේවල තරග පරාජයට පත් විය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලේ ගමන නවතී
 

05:14 PM

මීටර් 50 පසුපස ආර පිරිමි පිහිනුම් ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අකලංක පීරිස් එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අසමත් විය. මූලික වටයේදී සහභාගි වූ තරගය 6 වැනියා ලෙස නිමා කළ ඔහු එහිදී වාර්තා කළ කාලය තත්ත්පර 26.15 කි.

අකලංක මූලික වටයෙන්ම ඉවතට

04:21 PM

ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම සහ සැම්බියාව අතර අද (31 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 27 - 14 ක පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය. මෙම තරගයේ පළමු අර්ධය නිමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම 10 - 07 කින් ඉදිරියෙන් සිටියේය.
මෙම තරගයේ ජයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 13 වැනි සහ 14 වැනි කණ්ඩායම් අතර සථානයක් ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවට 13 හෝ 14 වැනි ස්ථාන

04:15 PM

බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 67 බර පංතිය ය‍ටතේ තරග වැදුණ ශ්‍රී ලංකාවේ චතුරංග ජයසූරියට එම ඉසව්වේ 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවිය. එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 119 ක් එසවූ ඔහු, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 140 කි.

පදක්කම් බලාපොරොත්තුවක් ගිළිහෙයි

04:09 PM

ජිම්නාස්ටික් පිරිමි ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුචිර ප්‍රනාන්දු එහි 16 වැනි ස්ථානයට පත්විය. එහිදී අදියර 6 කදී ඔහු ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව 65.050 කි.

රුචිර 16 වැනි ස්ථානයට

02:41 PM

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර 100 ඉසව්වට ඉදිරිපත් වන ජැමෙයිකානු ක්‍රීඩිකා ෂෙරිකා ජැක්සන් ඒ වෙනුවෙන් ඉතාමත් හොඳ සූදානමකින් පසුවන්නීය. ඊයේ (30 වැනිදා) ඉතාලියේ ලිග්නානෝ නුවරදී පැවැති ක්‍රීඩා සහයෝගිතා මලල ක්‍රීඩා තරගයේදී ඇය මෙම ඉසව්ව ජයගත්තේ තත්ත්පර 11.13 කින් තරගය නිමා කරමිනි.

පසුගියදා පැවැති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 100 න් රිදී පදක්කම දිනාගත් ෂෙරිකාගේ තරග කාලය තත්ත්පර 10.73 කි. ඉතාලියේදී පැවැති ඉසව්වේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන දිනාගන්නා ලද්දේත් ජැමෙයිකානු ක්‍රීඩිකාවන් වන නතාෂා මොරිසන් (11.31) සහ ෂොකෝරියා වොලස් (11.36) විසිනි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්ව ආරම්භ වීමට නියමිතව ඇත්තේ ලබන අඟහරුවාදාය.

12:03 PM

ශ්‍රී ලංකාව රටවල් 9 ක් අතරින් ජිම්නාස්ටික් කාන්තා කණ්ඩායම් ඉසව්වේ 8 වැනි ස්ථානයට පත්වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩිකා මිල්කා ගෙහානි කාන්තා කේවල ඉසව්වේ අවසන් වටයට සුදුසුකම් ලබාගනී.

මිල්කා ගෙහානි අවසන් වටයට

11:22 AM

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය (30 වැනිදා) නිමාවට පත්වන විට රන් පදක්කම් 13 ක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්ව සිටියි. රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් සමග මේ වන විට ඔවුන් ලබා සිටින මුළු පදක්කම් සංඛ්‍යාව 32 කි.

 

11:04 AM

බර ඉසිලීමේ කාන්තා ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ ශ්‍රීමාලි සමරකෝන් කිලෝ ග්‍රෑම් 49 බර පංතියේ 8 වැනි ස්ථානයටද, චමරි වර්ණකුලසූරිය කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ 7 වැනි ස්ථානයටද පත්වූහ.

10:24 AM

කාන්තා සත් සාමාජික රග්බි ඉසව්වේ මූලික වට‍යේදී සහභාගි වූ තරග 3 ම පරාජයට පත්වීම නිසා එම ඉසව්වේ 5 වැනි ස්ථානයත් 8 වැනි ස්ථානයත් අතර ස්ථානයක් සඳහා තරග වැදුණ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 58-00 ක් ලෙස ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්විය.

රග්බි ක්‍රීඩිකාවෝ සිවුවැනි පරාජයත් ලබති

03:29 AM

බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ මූලික වටයේදී පාකිස්තානයට එරෙහිව තරග 4-1 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී මිශ්‍ර යුගල, පිරිමි කේවල, පිරිමි යුගල සහ කාන්තා යුගල ඉසව් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ කාන්තා කේවල ඉසව්ව පමණි. මෙම ජයග්‍රහණයත් සමග එම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව වටයට

03:18 AM

කාන්තා විස්සයි-20 ක්‍රිකට් ඉසව්වේදී එංගලන්තයට එරෙහිව තරග වැදුණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහිදී කඩුලු 5 ක පරාජයක් ලැබූහ. ඕවර 20 කදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 9 ක් දැවී ලබාගත් ලකුණු 106 ඉලක්කය පසුකර යෑම සඳහා එංගලන්ත ක්‍රීඩිකාවන්ට වැය වූයේ ඕවර 17.1 ක් පමණි.

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

03:15 AM

සත් සාමාජික රග්බි ඉසව්වේ මූලික වට‍යේදී සහභාගි වූ තරග 3 ම පරාජයට පත්වීම නිසා එම ඉසව්වේ 9 වැනි ස්ථානයත් 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් සඳහා තරග වැදුණ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 38-19 ක් ලෙස උගන්ඩාව හමුවේ පරාජයට පත්විය.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයෝ උගන්ඩාවටත් පරදිති

03:11 AM

ස්කොෂ් කාන්තා කේවල ඉසව්වේ දෙවැනි (32 දෙනාගේ) වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා‍වන් වන යෙහෙනි කුරුප්පු සහ චිනිත්මා සිනාලි පිළිවෙලින් එංගලන්තයේ ජෝජිනියා කෙනඩි සහ කැනඩාවේ නිකෝල් බුන්යන් හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්වූහ.

ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයෙන් හැළෙති

07:52 PM

ස්කොෂ් පිරිමි කේවල ඉසව්වේ දෙවැනි (32 දෙනාගේ) වටයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ශමිල් වකීල් සහ රවිඳු ලක්සිරි පිළිවෙලින් ඉන්දියාවේ සෞරව් ඝෝසාල් සහ ස්කොට්ලන්තයේ ග්‍රෙග් ලෝබන් හමුවේ වට 3-0 ක් ලෙස පරාජයට පත්වූහ.

07:42 PM

බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව යටතේ ශ්‍රී ලංකාව අද (30 වැනිදා) සහභාගි වූ තරග වටයේදී ඉන්දියාව හමුවේ තරග 5-0 ක පරාජයක් ලැබීය. එහිදී පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා කේවල, කාන්තා යුගල සහ මිශ්‍ර යුගල යන ඉසව් 5 දීම ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පරාජයට පත්වූහ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිලට දැවැන්ත පරාජයක්

07:38 PM

සත් සාමාජික රග්බි ඉසව්වේ 'ඒ' කාණ්ඩය යටතේ අද (30 වැනිදා) පැවැති තරගයකදී සැමෝවා කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 44-00 ක් ලෙස පරාජයට පත්විය. එහිදී සැමෝවා ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 6 ක් සමගින් ලකුණු රැස්කළහ.

 

05:51 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 100 ළය ආර ඉසව්වෙන් තරග කළ ගංගා සෙනෙවිරත්නට එහි දෙවැනි වටය (අවසන් පූර්ව) වටය සඳහා සුදුසුකම් ලබාගත නොහැකි විය. මූලික වට 4 නිමාවේදී වාර්තා වූ හොඳම කාලය (තත්. 58.93) වාර්තා කිරීමට කැනඩාවේ කයිල් මැසී සමත් වූවාය. එහිදී 20 වැනි ස්ථානය ලද ගංගාගේ තරග කාලය වූයේ විනාඩි 1 තත්. 06.17 කි.

ගංගාට 20 වැනි ස්ථානය

05:16 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා සත් සාමාජික රග්බි තරගාවලියේ තරගයකදී කැනඩාව හමුවේ ලකුණු 74 - 00 ක ඛේදජනක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදුවිය. තරගයේ පළමු අර්යේදී ලකුණු 36 - 00 ලෙෂ ඉදිරියෙන් සිටි කැනේඩියානු ක්‍රීඩිකාවෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 38 ක් එකතු කර ගත්හ. ශ්‍රී ලංකාවට එකම ලකුණක් හෝ ලබාගත නොහැකි විය.

කැනඩාව හමුවේ ඛේදජනක පරාජයක්

03:57 PM

බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වැනි පදක්කම දිනාගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක ඩිලංක ඉසුරු කුමාරට හැකිවිය. කිලෝ ග්‍රෑම් 55 ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනාගත් ඩිලංක, ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120 ක් ද එසවීය. ඔහු එසවූ සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් 225 කි.

ඩිලංකගෙන් ලෝකඩ පදක්කමක්

01:20 PM

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු දිනය අවසන් වන විට ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. ඕස්ට්‍රේලියානුවන් පළමු දිනයේදීම රන් පදක්කම් 8 ක් දිනාගනිද්දී, පදක්කම් සටහනේ දෙවැනි තැන ගත් නවසීලන්තය දිනාගත්තේ රන් පදක්කම් 3 කි. එංගලන්තයට රන් පදක්කම් 2 කි.

ඕස්ට්‍රේලියාව පදක්කම් සටහනේ පෙරමුණ ගනී

10:14 AM

ශ්‍රී ලංකාව ජිම්නාස්ටික් කණ්ඩායම් ඉසව්වේ 10 වැනි ස්ථානයට පත්වෙද්දී, ශ්‍රී ලංකා ක්‍රීඩක රුචිර ප්‍රනාන්දු ජිම්නාස්ටික් කේවල ඉසව්වේ අවසන් වටයට  සුදුසුකම් ලබාගනී.

10:11 AM

කිලෝ ග්‍රෑම් 63.5 ලයිට් වෙල්ටර් බර පංතිය යට‍තේ තරග වැදුණ ශ්‍රී ලංකා ක්‍රීඩක සංජීව බණ්ඩාර එම ඉසව්වේ මූලික වටයේ තරගයකදී එංගලන්තයේ ජෝෂප් ටයර්ස් හමුවේ 5-0 කින් පරාජයට පත්විය.

10:05 AM

එංගලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම ලකුණු 47-19 ක් ලෙස ශ්‍රී ලංකා සත් සමාජික රග්බි කණ්ඩායම පරාජය කරයි. එහිදී එංගලන්ත ක්‍රීඩකයෝ ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනුමක් සමග ලකුණු රැස්කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක‍යෝ ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් සමගිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සටනක් දී පරදිති

10:03 AM

නවසීලන්ත කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම ලකුණු 60-00 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා සත් සමාජික රග්බි කණ්ඩායම පරාජය කරයි. එහිදී නවසීලන්ත ක්‍රීඩිකාවෝ ගෝල දිනුම් 5 ක් සහ උත්සාහක දිනුම් 5 ක් සමග ලකුණු රැස්කළහ.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පසුබසිති

10:01 AM

ශ්‍රී ලංකා 3x3 කාන්තා පැසිපන්දු කණ්ඩායම කෙන්යාව හමුවේ ලකුණු 21-08 කින්ද, ස්කොට්ලන්තය හමුවේ 21-05 කින් පරාජයට පත් විය.

10:00 AM

ශ්‍රී ලංකා 3x3 පිරිමි පැසිපන්දු කණ්ඩායම ස්කොට්ලන්තය හමුවේ ලකුණු 16-09 කින්ද, කෙන්යාව හමුවේ 21-18 කින් පරාජයට පත් විය.

11:04 PM

බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග 3-2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එහිදී මිශ්‍ර යුගල, පිරිමි කේවල සහ පිරිමි යුගල ඉසව් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, කාන්තා කේවල සහ කාන්තා යුගල තරග පරාජයට පත්විය.

ශ්‍රී ලංකාව 3-2 කින් ඕස්ට්‍රේලියාව පරදවයි

 

09:59 PM

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළේලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන පළමු තරගය එංගලන්තයට එරෙහිව හෙට (30 වැනිදා) බර්මින්හැම්හිදී පැවැත්වේ. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30 ආරම්භ වීමට නියමිතය. 

කාන්තා ක්‍රිකට් පිල හෙට තරග බිමට

07:37 PM

ස්කොෂ් පිරිමි ඉසව්වේ මූලික වටය (64 දෙනාගේ) යටතේ අද (29 වැනිදා) පැවැති තරගයකදී බාබඩෝස්හි ෂොන් සිම්ප්සන්ට එරෙහිව වට 3-2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ ශමිල් වකීල් සමත් විය.   

ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

 

07:36 PM

ස්කොෂ් කාන්තා ඉසව්වේ මූලික වටය (64 දෙනාගේ) යටතේ අද (29 වැනිදා) පැවැති තරගයකදී ගයානාවේ ඈෂ්ලි ඛලිල්ට එරෙහිව වට 3-2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ යෙහෙනි කුරුප්පු සමත් වූවාය.  

ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

07:36 PM

ස්කොෂ් පිරිමි ඉසව්වේ මූලික වටය (64 දෙනාගේ) යටතේ අද (29 වැනිදා) පැවැති තරගයකදී ගයානාවේ ෂොමාරි විල්ට්ෂියර්ට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරි සමත් විය. 

ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

06:15 PM

පිරිමි මීටර් 50 සමනල ආර ඉසව්වේදී තමා සහභාගි වූ මූලික වටයේ තරගය දෙවැනියා ලෙස නිමා කිරීමට ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් සමත් වුවද, ඔහුට එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය. තරගකරුවන් 55 දෙනෙකු අතරින් 16 දෙනෙක් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබද්දී, තත්ත්පර 24.89 කාලයක් වාර්තා කළ අකලංකට හිමිවූයේ මූලික වටයේ 22 වැනි ස්ථානයයි.  

අකලංක මූලික වටයෙන්ම ඉවතට

04:35 PM

නවසීලන්ත සත් සාමාජික රග්බි කණ්ඩායම ලකුණු 63-05 ක් ලෙස ශ්‍රී ලංකා සත් සමාජික රග්බි කණ්ඩායම පරාජය කරයි. එහිදී නවසීලන්ත ක්‍රීඩකයෝ ගෝල දිනුම් 7 ක් සමග ලකුණු රැස්කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක‍යෝ ලකුණු රැස්කළේ උත්සාහක දිනුමක් සමගිනි.

නවසීලන්තය ශ්‍රී ලංකාවට බැට දෙයි

03:24 PM

එංගලන්ත කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම ලකුණු 57-00 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා සත් සමාජික රග්බි කණ්ඩායම පරාජය කරයි. එහිදී එංගලන්ත ක්‍රීඩිකාවෝ ගෝල දිනුම් 6 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමග ලකුණු රැස්කළහ.

එංගලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රීලංකාව පරදවති

02:53 PM

තණතිල්ල මත පන්දු යැවීමේ ක්‍රීඩාවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තරග ආරම්භ විය. මේ වනවිට එහි තරග 19 ක් පැවැත්වෙමින් තිබේ.

තණතිල්ල මත පන්දු යැවීමේ ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නක් නොවේ. එහෙත් එය ලෝකයේ බොහෝ දියුණු රටවල ජනප්‍රිය ක්‍රීඩාවකි. ‘ජැක්’ නමින් හැඳින්වෙන කුඩා පන්දුවක් වෙත තරමක් විශාල පන්දු තණතිල්ල දිගේ පෙරළා යැවීම මෙම ක්‍රීඩාවයි. ක්‍රීඩකයන් විසින් තණතිල්ල මත පෙරළා යැවෙන පන්දුව ‘ජැක්’ වෙත ආසන්න වීම අනුව එක් එක් ක්‍රීඩකයන්ට ප්‍රසාද ලකුණු පිරිනැමේ.

09:48 AM

ඔලිම්පික් රන් පදක්කම් ලාභී, ඉන්දීය ක්‍රීඩක, නීරාජ් චොප්රා ආබාධයක් හේතුවෙන් පොදුරා්‍ය මණ්ඩලීය තරගාවලියෙන් ඉවත් වී තිබේ. පසුගිය ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගන්නා ලද්දේ ඉන්දීය ක්‍රීඩක නීරාජ් චොප්රා විසිනි.
පොදුරා්‍ය මණ්ඩලයට අයත් රටවල් අතර වැඩිම ජනගහණයක් සිටින්නේ ඉන්දියාවේ වුවත්, ක්‍රිකට් හැරෙන්නට ඉන්දියාව ක්‍රීඩාවේ ලෝක බලවතුන් අතර නැත. එහෙත් බැඞ්මින්ටන් සහ බොක්සිං යන ක්‍රීඩා දෙකින් ඉන්දියාව රන් පදක්කම් බලාපොරොත්තුව සිටී. 

 

10:42 PM

ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස් මීටර් 50 සමනල ආර ඉසව්වේ මූලික වටයේ තරගයක් සඳහා හෙට (29 වැනිදා) සහභාගි වීමට නියමිතය.

10:41 PM

හෙට (29 වැනිදා) පැවැත්වෙන බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ මූලික වටයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිවද, ජිම්නාස්ට්ක් පිරිමි කණ්ඩායම් ඉසව්වේ අවසන් මහ තරගයේදීද තරග බිමට අවතීරණය වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සූදානමින් සිටිති.

10:38 PM

ශ්‍රී ලංකා 3x3 කාන්තා පැසිපන්දු කණ්ඩායම හෙට (29 වැනිදා) රාත්‍රී 8.00 ට කෙන්යාවට එරෙහිවද, රාත්‍රී 12.00 ට ස්කොට්ලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

10:38 PM

ශ්‍රී ලංකා 3x3 පිරිමි පැසිපන්දු කණ්ඩායම හෙට (29 වැනිදා) රාත්‍රී 8.00 ට ස්කොට්ලන්තයට එරෙහිවද, රාත්‍රී 12.00 ට කෙන්යාවට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

10:37 PM

ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (29 වැනිදා) රාත්‍රී 10.00 ට ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජිත රග්බි කණ්ඩායම එංගලන්තයට එරෙහිවද, කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම නවසීලන්තයට එරෙහිවද තරග වදිනු ඇත.

10:35 PM

ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩායම හෙට (29 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට එංගලන්ත කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය.

10:00 PM

‍එංගලන්‍තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍යය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම හෙට (29 වැනිදා) ප්‍රබල නවසීලන්ත කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වනු ඇත.


අදහස් ()


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.