Last Update  :  2024-05-02 16:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හරිස්චන්ද්‍ර විදුහලට දැවැන්ත ජයක්

හරිස්චන්ද්‍ර විදුහලට දැවැන්ත ජයක්

editorial - 2023 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මීගමුව හරිස්චන්ද්‍ර විදුහල සහ රද්දොළුව ශ්‍රී පංඥානන්ද මහ විදුහල අතර කටුනායක වෙලඳ කළාප ක්‍රීඩාංගණයේදී පැවැති වාර්ෂික එක්දින තරගයෙන් ලකුණු 224 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට හරිස්චන්ද්‍ර විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය පංඥානන්ද විදුහලට ඕවර 12.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 26 ක් පමණි. සචිත ගිම්හාන ලකුණු 06 කට කඩුලු 5 ක්ද,  රෂේන් සාලිංග ලකුණු 15 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පංඥානන්ද ඉනිම සුනුවිසුනු කර දැමුවේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් හරිස්චන්ද්‍ර විදුහල ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 250 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශකිල අෂේන් නොදැවී ලකුණු 89 රැස්කරමින් හරිස්චන්ද්‍ර ඉනිම සවිමත් කළේය.


හරිස්චන්ද්‍ර විදුහල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 250
(ශකිල අෂේන් නොදැවී 89, තීක්ෂන සිල්වා 49, දේවින්ද දර්ෂන 21, දිනුක් ආලෝක 47/3, යසින්ත සෙමාල් 41/2)

ශ්‍රී පංඥානන්ද මහ විදුහල - ඕවර 12.5 කදී සියලු දෙනා දැවී 26
(සචිත ගිම්හාන 06/5, රෂේන් සාලිංග 15/4)

 


අදහස් (0)

හරිස්චන්ද්‍ර විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.