සමස්ත ලංකා සුපර් සික්ස් කෙටිදුර පිහිනුම් තරගාවලිය ජුලි මස 4 වැනිදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය පිහිනුම් තටාකයේදී පැවැත්වේ. අම්බන්ගොඩ ‘සෙස්කා’ ජල ක‍්‍රීඩා සංගමය හත් වැනි වරටත් සංවිධානය කරනු ලබන මේ පිහිනුම් තරගාවලියේදී වයස 8 න් පහළ, 10න් පහළ, 12න් පහළ, 14 න් පහළ හා 16න් පහළ, බාලක බාලිකා වශයෙන් තරග පැවැත්වේ.
සෑම වයස් කාණ්ඩයක් සඳහාම පවත්වනු ලබන තරග ඉසව් සංඛ්‍යාව නවයකි.
තරගාවලිය සඳහා පැවැත්වෙන මුළු තරග ඉසව් සංඛ්‍යාව අනූවකි. මේ තරගාවලියේ ප‍්‍රථම,දෙවැනි හා තෙවැනි ස්ථාන ලබා ගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිළිවෙළින් රන් රිදී හා ලෝකඩ පදක්කම් පිරිනමනු ලබන අතර මේ තරගාවලිය සඳහා අවශ්‍ය වැඩි විස්තර තරග ලේකම් කැමරන් කුමාර (077-4011286) අමතා ලබාගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.