Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිහින සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

සිහින සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

editorial - 2025 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(කළුතර සුනිල් එස් තන්ත්‍රිආරච්චි )

කළුතර සිරිකුරුස විදුහල හා ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අතර ප්‍රථම වරට පැවැත්වූ " සිහින සංග්‍රාමය " මහා ක්‍රිකට් තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේදී කළුතර සිරිකුරුස විදුහල පළමු ඉනිමේදී ඕවර 28 කදී කඩුලු 04 ක් දැවී ලකුණු 56 ක් ලබා ගත් අතර ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල පළමු ඉනිමේදී ඕවර 9 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 20 ක් ලබා ගත්තේය .

මෙහිදී දක්ෂතම පිතිකරු ලෙස කළුතර සිරිකුරුස විදුහලේ ආකාෂ් ගමගේද ,දක්ෂතම පන්දු යවන්නා ලෙස ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ ප්‍රභාෂ් නිර්වාන් ද විශේෂ සම්මාන ලැබූහ .

තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් වීම නිසා ජයග්‍රාහකයන්ට හිමි කුසලානය, කළුතර සිරිකුරුස විදුහල්පති ගරු ප්‍රසාද් නිරංජන් ප්‍රනාන්දු පියතුමා සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ විදුහල්පති පුබුදු සම්පත් මහතා  විසින් කණ්ඩායම් නායකයන් වෙත සමසේ පිරිනමන ලදහ. සිරිකුරුස කණ්ඩායමේ නායකයා ලෙසින් සනුක චෙරාන් කටයුතු කළ අතර ඇලෝසියස් කණ්ඩායමේ නායකයා ලෙසින් කවිඳු අමරසිංහ කටයුතු කළේය. 

ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිතයෝ ලෙසින් ගාල්ල රදගුරු අති උතුම් රේමන්ඩ් වික්‍රමසිංහ හිමිපාණෝ සහ ගාල්ල  ශාන්ත ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සහභාගි වූහ. 

 

අදහස් (0)

සිහින සංග්‍රාමය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.